April 17, 2024

ගම්පොළ – රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ලිස්සන ගස කඩාවැටීමෙන් 04 දෙනකු තුවාල ලබා තිබේ.

කඩාවැටුණු ලිස්සන ගස නැගීමේ තරගය සඳහා තරුණයන් පස්දෙනකු ඉදිරිපත්ව සිටියහ.

පැය කිහිපයක උත්සාහයකින් පසු පස්දෙනාම එකාමත එකා නැග ලිස්සන ගස මුදුණේ ගසා තිබු කොඩිය ගැනීමට සූදානම් වන විටදී එය මුලින්ම කැඩී බිමට වැටී ඇත්තේ තරගකරුවන් විසිකරවමිනි.

අනතුරුව ඔවුන්ගෙන් 04 දෙනකු ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.