Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් ස්ථානවල ඇති ගිනි අවි සහ පතොරම් බාහිර පාර්ශ්ව අතට පත්වීම වැළැක්වීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා නමුත් කලාතුරකින් එවැනි සිදුවීමක් වීමේ සුළු ඉඩකඩ වැළැක්විය නොහැකි බව පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශකර තිබේ.
පොලිස් ස්ථාන සතු ගිනි අවි සහ පතොරම් අතුරුදන්වීම, පිටස්තර පාර්ශ්ව අතට පත්වීම, අපරාධ සඳහා යොදාගැනීම වැනි සිද්ධීන් කිහිපයක් පසුගිය කාලය තුළ වාර්තා වී තිබිණි.
මාතලේ විල්ගමුව පොලිස් ස්ථානයට පිවිසෙන මුර කුටියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා භාවිත කළ ටී 56 ගිනි අවියක් පසුගියදා අතුරුදන්ව වීම ඒ අතරින් එකකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ ඉන්වෙන්ටරි වාර්තා පවත්වාගෙන යෑම, අවි ගබඩා පරීක්ෂා කිරීම, ඒවා පොලිස් ස්ථානවලින් සොරකම් කරන අයට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම ආදී සෑම දෙයක්ම පොලිසිය සිදුකරන බවයි.
“මේ සිද්ධීන් නිතර වාර්තා වෙන්නේ නැහැ. අපි හැමවිටම මෙවැනි සිද්ධීන් වැළැක්වීමට කටයුතු කරනවා. නමුත් කලාතුරකින් එවැනි සිදුවීමක් වෙන්න තිබෙන සුළු හැකියාව වැළැක්විය නොහැකි දෙයක්. අවි ගබඩාවල අවි ආයුධ සහ පතොරම් විශාල ප්‍රමාණයක් ගබඩා කර තිබෙන නිසා නිරන්තරයෙන් අවි ගබඩා පරීක්ෂා කිරීම ප්‍රායෝගිකව කරන්න බැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
“අපි කියමු, යම්කිසි පොලිස් ස්ථානයක අවි ගබඩාවේ 56 වර්ගයේ ගිනි අවි 50ක් තියෙනවා, සමහර වෙලාවට ඒවායින් 20ක් නිල අවශ්‍යතා සඳහා එළියට අරන් තියෙන්න පුළුවන්. අවි ගබඩාව පරීක්ෂා කරන නිලධාරියා වෙන්නේ වැඩිපුරම ස්ථානාධිපතිවරයා හෝ ඒ හා සමාන අයෙක්. සහකාර පොලිස් අධිකාරී තුමාට හැමදාම ඒක බලන්න බෑ.ඒ මොකද ආයුධ ගොඩක් සහ පතොරම් දහස් ගාණක් තියෙන නිසා.ඒ නිසා එදිනෙදා ගණන් කරන එක ප්‍රායෝගික නෑ.” යනුවෙන් ඔහු පෙන්වා දී තිබේ.
(The Daily Morning )
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart