April 11, 2024

චීන සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ‘සාධාරණ සහ විනිවිද පෙනෙන’ පරිසරයක අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පින්ග් විසින් අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

අගමැති දිනේෂ් ගුණවර්ධන පසුගියදා එරට සිදුකළ සංචාරය අතරතුර ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශකර ඇති බව තතුදත් ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තම මිතුරන් තීරණ ගැනීමේදී අනවශ්‍ය ලෙස වෙනත් රටවලින් බලපෑම් එල්ල වීම ගැන චීනය සතුටු නොවන බවද චීන නායකයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේවෙතත්, මෙම සාකච්ඡාව මිත්‍රශීලී සහ සුහදශීලී ලෙස පැවත්වී ඇති අතර චීන ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේ දී තුන්වැනි රටක් ගැන සඳහන් කර නැත.

2024 Boao Forum for Asia (BFA) වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා මාර්තු 25 සහ 30 අතර කාලයේ චීනයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී ඔහු ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීය.

මේ අතර, වෙනම රැස්වීමකදී, චීන අගමැති Li Qiang ශ්‍රී ලංකාව සිය සුවිශේෂී ආර්ථික කලාපය සඳහා චීන නැව් ඉලක්ක කර ගනිමින් සිදුකර තිබෙන විදේශීය පර්යේෂණ යාත්‍රා තහනම පිළිබඳ ප්‍රශ්න කර තිබේ.

විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා තහනමක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව කණස්සල්ල පළකළ ඔහු එහිදී ප්‍රශ්න කර ඇත්තේ ජර්මනියේ සිට පැමිණි යාත්‍රාවකට ශ්‍රී ලංකාව ඉඩ ලබාදුන්නේ මන්ද යන්නයි.

ශ්‍රී ලංකාව ජර්මානු යාත්‍රාවට අවසර දුන්නේ නැවත පිරවීමේ සඳහා පමණක් බව ඊට ප්‍රතිචාර දක්වමින් අදිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා ප්‍රකාශකර ඇති බව වාර්තා වේ.

අන්තර්ජාතික නීතියට අනුව නැවත පිරවීම සඳහා වන එවැනි ඉල්ලීම් ශ්‍රී ලංකාවට ප්‍රතික්ෂේප කළ නොහැකි බව ඔහු පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව කිසිදු රටකට තම භූමිය වෙනත් රටක අවශ්‍යතාවන්ට එරහිව භාවිත කිරීමට ඉඩ නොතබන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

42.31%
17.27%
32.76%