Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැය 23 විනාඩි 46ක් තුළ මාර්ග හතරක් ඔස්සේ ශ්‍රී පාදය කරුණාකර සෙරන්ඩිප් ගිනස් වාරිතාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නාවික හමුවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ 09 වැනි දින පස්වරුවේ සමත්විය.
සෙරන්ඩිබ් ගිනස් වාර්තා සංවිධානයේ මෙරට නියෝජිතයන්ගේ අධීක්ෂණය යටතේ 08 දින පස්වරු 3ට නල්ලතන්නිය ශ්‍රී පාද පිවිසුම් මාර්ගයෙන් ගමන් ආරම්භ කළ ප්‍රින්ස්ලි ලියනගේ පැය 1 විනාඩි 20ක් තුළ ශ්‍රී පාද උඩමළුව වෙත ගමන් කර එතැන් සිට දෙවනුව ශ්‍රී පාද එරත්න මාර්ගය ඔස්සේ අඩවි කන්දට බැස, නැවත එම මාර්ගයේම ශ්‍රී පාද උඩ මළුවට ළඟාවිය.
තෙවනුව ශ්‍රී පාද උඩ මළුවේ සිට ශ්‍රී පාද පලාබද්දල මාර්ගය ඔස්සේ පහළට බැස, එම මාර්ගයෙන්ම යළිත් ශ්‍රී පාද උඩමළුව වෙත ළඟා වී සිව්වනුව ශ්‍රී පාද උඩමළුවේ සිට ශ්‍රී පාද මාලිබොඩ මාර්ගය මාලිබොඩ දක්වා බැස, එතැන් සිට එම මාර්ගයෙන්ම ශ්‍රී පාද උඩමළුව වෙත 09 දින පස්වරු 1.15 පමණ ළඟා වී, ශ්‍රී පාද උඩමළුවේ සිට යළිත් පැය 1 විනාඩි 40ක් තුළ නල්ලතන්නිය වෙත පැමිණි සිය වාර්තාව පිහිටුවීමට සමත් විය.
රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ සෙරන්ඩිබ් ගිනස් වාර්තාව පිහිටුවීමට අපේක්ෂා කළ කාලයට වඩා විනාඩි 14ක් කලින් කිලෝමීටර් 88.8ක් දුර පාගමනින් ගොස් සිය වාර්තාව පිහිටුවීමට සමත්විය.
රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ සෙරන්ඩිබ් ගිනස් වාර්තාව පිහිටුවීමේ පාගමනට ශ්‍රී ලංකා නාවික හමුවේ නිලධාරීන් රැසක් සහ ඔහුගේ බිරිය ඇතුළු පවුලේ සමාජිකයන්ගේ සහාය ලැබී තිබිණි.
සෙරන්ඩිබ් ලෝක වාර්තා සංවිධානයේ මේ රට සාමාජික වෛද්‍ය ලාල් ඒකනායක කියාසිටියේ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මාර්ග හතරක් ඔස්සේ පැය 23 විනාඩි 46ක් තුළ ශ්‍රී පාදස්ථානය පාගමනින් ගොස් කරුණා කිරීමට සමත්වීම සම්බන්ධයෙන් ගිනස් වාර්තා සංවිධානයට 09 දින පස්වරුවේ දැනුම්දුන් බවත්, ඒ අනුව සති දෙකක් ඇතුළත ගිනස් වාර්තා සංවිධානය විසින් අදාළ වාර්තාව නිකුත් කිරීමට නියමිත බවයි.
සෙරන්ඩිබ් ගිනස් වාර්තා සංවිධානයේ මෙරට ප්‍රධාන විනිසුරු සනත් බණ්ඩාර කියාසිටියේ ඊයර් අද්මිරාල් ප්‍රින්ස්ගේ ලියනගේ පැය 24ක් තුළ කිලෝමීටර් 88.8 පාගමනින් ගොස් තැබූ වාර්තාවක් ලෙස ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවයි.
(මව්බිම/ අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart