Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විරෝධතා ප්රචණ්ඩ ලෙස මර්දනය කිරීමේ යෙදුණු ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සිය නවතම විමර්ශන වාර්තාවක සඳහන් කර තිබේ.
‘ඕනෑම විරෝධතාවක් මැඩපැවැත්වීමට සූදානම් ශ්‍රී ලංකාව’ මැයෙන් නිකුත්කර ඇති වාර්තාවෙන් ‘විරෝධතා අතරතුර නීති විරෝධී ආයුධ භාවිතය’ යන මාතෘකාවට අදාළව 2022 මාර්තු සහ 2023 ජූනි අතර ශ්‍රී ලංකාවේ සිදු වූ විරෝධතා 30ක පොලිස් මෙහෙයුම්වලදී බලය යෙදවීම විශ්ලේෂණය කරයි.
ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් නීතිවිරෝධී ලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර සහ බැටන් පොලු අවභාවිත කිරීමේ රටාවක් අවම වශයෙන් විරෝධතා 17ක වීඩියෝ සාක්ෂි සහිතව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හඳුනාගෙන තිබේ.
“ආරම්භයේ සිටම, ශ්‍රී ලංකා පොලිසිය 2022-23 විරෝධතා වෙත ප්‍රවේශ වූයේ ඒවා නීති විරෝධී සහ ප්‍රචණ්ඩකාරී වනු ඇති බවත් ඒවා මර්දනය කිරීමට බලය යෙදවිය යුතු බවත් උපකල්පනය කරමිනි. සාමකාමීව විරෝධතා දැක්වීමට ජනතාවට අයිතියක් ඇති බවත්, විරෝධතා සඳහා පහසුකම් සැලසීමට සහ ආරක්ෂා කිරීමට බලධාරීන්ට යුතුකමක් ඇති බවත් හඳුනා ගැනීමට පොලිසිය අසමත් විය. ඒ වෙනුවට, ඔවුන් බොහෝ දුරට සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කර, ලුහුබැඳ ගොස් පහර දී ඇත” යනුවෙන් අදාළ වාර්තාවේ දක්වා ඇත.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් 2024 වසර ද ඇතුළුව අද දක්වාම පවතින බොහෝ දුරට සාමකාමී විරෝධතාවලට එරෙහිව නීති විරෝධී ලෙස බලය යෙදවීමේ සිදුවීම් ලේඛනගත කර ඇත.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සන්නද්ධ ගැටුමේදී බලහත්කාරයෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් විසින් 2017 වසරේ සිට උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල අඛණ්ඩව පැවැත්වූ බොහෝ දුරට සාමකාමී විරෝධතාවලට ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ නිරීක්ෂණ, බිය ගැන්වීම්, හිරිහැර කිරීම් සහ බාධා කිරීම් නිරන්තරයෙන් සිදුකර ඇති බව ද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සිය විමර්ශනය අතරතුර, කොළඹ, බත්තරමුල්ල, කැලණිය, යාපනය සහ ගාල්ල යන ප්‍රදේශවල පැවති විරෝධතා 30ක සමාජ මාධ්‍යවල එකතු වූ සත්‍යාපිත වීඩියෝ 95ක් පිළිබඳ සම්මුඛ පරීක්ෂණ 39ක් සහ විවෘත මූලාශ්‍ර විමර්ශනයක් සිදු කර තිබේ.
2024 මාර්තු මාසයේදී ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ශ්‍රී ලංකා පොලිසියට ලිපියක් යවමින් මෙම වාර්තාවේ ඇති චෝදනා ගෙනහැර දක්වමින් නිල ප්‍රතිචාරයක් ඉල්ලා සිටිය ද ප්රකාශනය නිකුත්කරන අවස්ථාව වනවිට ඊට පිළිතුරක් ලැබී නොතිබුණු බව ද සටහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart