April 10, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීමේ වගකීම එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂට පවරා ඇත.

ඒ අනුව ඉදිරියේදී එම තීරණය හිටපු ජනාධිපතිවරයා විසින්ම රටට අනාවරණය කිරීමට නියමිතය.

ඊයේ කොළඹදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්විය.

42.31%
17.27%
32.76%