Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත ලබාදීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ රෝගීන් තිදෙනකු මියයෑමේ සිද්ධි සම්බන්ධයෙන් වාර්තා ලැබී ඇති බව ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට ඊයේ දැනුම්දී තිබේ.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ අදාළ තොරතුරු මෙම නඩුවට අදාළ කරගන්නා ලෙසයි.
අල්ලසට, දූෂණයට සහ නාස්තියට එරෙහි පුරවැසි බලය නමැති සංවිධානයක් විසින් මෙම කරුණු ඉදිරිපත් කර තිබිණි.
කොළඹ ජාතික රෝහලේ 16 වැනි වාට්ටුවට ඇතුළත් කළ උදය පෙරේරා, ජේ. අබේවර්ධන සහ අශෝක පලිසේන යන රෝගීන් තිදෙනා 2023 අගෝස්තු 13 වැනි දින හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත ලබාදීමෙන් පසු ඇති වූ දැඩි අසාත්මිකතා හේතුවෙන් මියගිය බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැන්වීය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ ඉහත සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද අදාළ ලේඛනය භාරදී ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් සමඟ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි.
මෙම හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ද මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් කළ ඇප ඉල්ලීම් අවස්ථා කිහිපයකදීම ප්‍රතික්ෂේප විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart