
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම පක්ෂය පෙනී සිටින්නේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් නැවත ලබාගැනීම සඳහා බව ඉන්දීය MDMK කණ්ඩායමේ නායක වයිකෝ ප්‍රකාශකර තිබේ.
තිරුචි හිදී ඊයේ මාධ්‍යවේදීන් අමතමින් ඔහු ප්‍රකාශකර තිබුණේ කච්චතිව් දූපත නැවත තමිල්නාඩුවට ලබා දීමට තමාට අවශ්‍ය බවයි.
තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන ‘අයිතිවාසිකම් 24 සඳහා සටන් පාඨය’ යටතේ එම දූපත නැවත ලබාගැනීම ද ඉදිරිපත් කර ඇති බව ඔහු පවසා තිබේ.
කච්චතිව් ප්‍රශ්නය නැවතත් කරළියට පැමිණියේ 1974 දී එවකට අගමැතිනි ඉන්දිරා ගාන්ධි ශ්‍රී ලංකාවට එම දූපත නොසැළකිලිමත් ලෙස පවරා දුන් බවට අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා චෝදනා කිරීමෙන් පසුවය.
ඔහු ඒ සම්බන්ධයෙන් තමිල්නාඩුවේ පාලක සන්ධාන පක්ෂ වන DMK සහ කොංග්‍රසයට දැඩි ලෙස දොස් පැවරුවේ රාජ්‍ය අවශ්‍යතා ආරක්ෂා කිරීමට කිසිවක් කර නොමැති බව පවසමිනි.
කොන්ග්‍රසයේ සන්ධාන හවුල්කරුවකු වන MDMK, කොංග්‍රසය නැවත නැවතත් තමිල්නාඩුව ‘පාවා දුන්’ බව නිතර පවසා තිබේ.
සෙනසුරාදා නිකුත් කරන ලද සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ වයිකෝ කියා සිටියේ තම පක්ෂය කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය වසා දැමීම සඳහා පෙනී සිටින අතර නව අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉවත් කිරීමට ද පෙනී සිටින බවයි.
තම සන්ධානය මධ්‍යම රජයේ බලයට පත් වුවහොත් ප්‍රාන්තයට වැඩි බලතල ලබාදීම සඳහා තම පක්ෂය ව්‍යවස්ථා සංශෝධන ගෙනඑන බව බවත් ආණ්ඩුකාරවරුන්ට වැඩි බලතල ලබාදෙන 361 ව්‍යවස්ථාව අහෝසි කිරීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශකර තිබේ.
තම සන්ධානය මධ්‍යම රජයේ බලයට පත් වුවහොත් පුරවැසි සංශෝධන පනත අවලංගු කිරීමට තමන් බල කරන බව ද වයිකෝ වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart