Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ විදේශ ණය ආපසු ගෙවීම 2028 දක්වා අත්හිටුවීමට අදාළව ණය හිමියන් සමග සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බව ජපානයේ Nikkei පුවත් සේවය වාර්තා කර තිබේ.
ණය බරින් පෙළෙන ශ්‍රී ලංකාව තුළ චීනයේ බලපෑම ව්‍යාප්ත වීම වැළැක්වීමට ජපානය ඇතුළු ණය හිමියන් දරන උත්සාහයක් ලෙස ඔවුන් එය හඳුනාගෙන තිබේ.
ජනාධිපති ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක, Nikkei සමග සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ ණය දුන් රටවල් සමඟ සාකච්ඡා අවසන් වී ඇති අතර ඒ පිළිබඳ සවිස්තරාත්මක නිවේදනයක් ඉදිරි සති කිහිපය තුළ සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
ආපසු ගෙවීමේ කාලය 2028 සිට 2042 දක්වා වසර 15 ක් වනු ඇති අතර පොලී අනුපාතය අලුතින් 2%ක් පමණ වේ.
ණය අඩු කිරීමක් සඳහා ශ්‍රී ලංකාව එම රටවලින් ඉල්ලා තිබුණ ද එය සිදු නොවන බව සාගල රත්නායක ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් මාසයේදී බාහිර ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවන බව ප්‍රකාශ කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැරහරින ලදී.
කෙසේවෙතත් ණය දෙන ජාතීන්ගේ රැස්වීමක් 2023 අප්‍රේල් මාසයේදී පැවැත්විණි.
චීනයට පසු ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ණය දෙන රට වන ජපානය ඉන්දියාව සහ ප්‍රංශය සමඟ එම සාකච්ඡාවල මුලසුන හොබවා තිබිණි.
ඒ අනුව ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීමට සහ පොලී අඩු කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ණයහිමි රටවල් මූලික එකඟතාවයකට පැමිණ ඇත.
විශාලතම ණය හිමියා වන චීනය, අදාළ රැස්වීමට එක් වී ඇත්තේ නිරීක්ෂකයකු ලෙස පමණි.
කෙසේවෙතත්, චීනයේ අපනයන-ආනයන බැංකුවේ ණය හරහා චීනයෙන් ලැබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම “සමාන” වනු ඇතැයි සාගල රත්නායක පැවසීය.
ප්‍රධාන ණය දෙන රටවල් සමඟ ඇතිකරගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සම්බන්ධයෙන් කොන්දේසි සහිත අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මූල්‍ය ආධාර සැපයීම ද ආරම්භ වී තිබේ.
2023 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ හිඟ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37.3ක් වූ අතර ඒ අතරින් ඩොලර් බිලියන 4.7 ක් චීනයෙන් ලබාගත් ණය වේ.
2017 දී ශ්‍රී ලංකාව සිය දකුණු හම්බන්තොට වරායේ පාලනය චීනයට පවරා දුන්නේය.
ප්‍රමාද වූ ණය ආපසු ගෙවීමේ මධ්‍යයේ යටිතල පහසුකම් අයිතිවාසිකම් අහිමි කරන “ණය උගුලක” සෙසු රටවල් විසින් මෙය සමාන කර තිබිණි.
කෙසේවෙතත් සාගල රත්නායක පැහැදිලි කර ඇත්තේ එම කටයුතු සම්පූර්ණයෙන් වාණිජ කටයුතු වන අතර ඒ පිටුපස මිලිටරිකරණයක් නොමැති බවයි.
ශ්‍රී ලංකාව ආයෝජනයට විවෘත අතර ජාතික ආරක්ෂාවට බලපාන්නේ නම් මිස ආයෝජන කුමන රට පදනම් කරගන්නේද යන්න තෝරා නොගන්නා නමුත් උතුරේ සහ ඉන්දියාවේ ආරක්ෂාවට බලපාන කරුණු සම්බන්ධයෙන් සවිඥානික බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart