April 6, 2024

තම පියා විසින් පිහියකින් පහරදීම නිසා දියණියක සහ පුතකු බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

හිඟුරක්ගොඩ පොලිසිය පවසන ආකාරයට, මෙසේ තුවාල ලබා ඇත්තේ ජයන්ති පුර උදානගම පදිංචි විසි හැවිරිදි තරුණියක සහ දහ අට හැවිරිදි තරුණයෙකි.

ඉකුත් තුන්වැනිදා රාත්‍රි නවයයි තිහට පමණ ඇති වූ දබරයකින් පසු පියා විසින් තම දරුවන් දෙදෙනාට මෙසේ පිහියෙන් පහර දී ඇත.

දියණියගේ තත්ත්වය අසාධ්‍ය බව පොලිසිය පවසයි.

කිසියම් වුවමනාවකට දියණියගේ පෙන්ඩන්ට් එක ඉල්ලා ඇතිවූ ගැටුමක් මත පියා විසින් දරුවන්ට පහර දී ඇති බව පොලිසිය කියයි.

මෙම දරුවන් දෙදෙනාගේ මව විදේශ රැකියාවක නිරත වන අතර ඔවුන් පියා සමග නිවසේ රැඳී සිටින බවද පොලිසිය පවසයි.

සැකකාර පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

42.31%
17.27%
32.76%