Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැලැස්තර විසඳුම් සමග රට වෙනස් කරන බව කියමින් කෑ ගැසීම වෙනුවට අනාගතවාදීව සිතා රට ණය බරින් මුදා ගැනීමට කටයුතු කිරීම සැමගේ අවශ්‍යතාව බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ප්‍රකාශ කළේය.
ගම්පහ දේ අද (05) පැවැති ‘ජයගමු ශ්‍රී ලංකා’ ජංගම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් ඔහු සඳහන් කළේ දීර්ඝ කාලීනව පවතින ආර්ථික ක්‍රමය වෙනස්කරන වැඩපිළිවෙළකට නොගියොත් නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කැපීමට අනාගතයේදී සිදු වනු ඇති බවයි.
දැනට ගෙනයන වැඩපිළිවෙළ ආපස්සට හැරවීමට ඉඩ නොදී, යළි අඳුරු යුගයකට යා නොදී රට ඉදිරියට ගෙනයෑම සඳහා මෙම ‘ස්මාට් වැඩ්ඩන්’ සකස්කකරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරවීමේ බලමුළු සංවිධාන කරමින් සිටින බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
“සුද්දො ඇවිල්ලා තේ, කෝපි රබර් වවලා අපේ ආර්ථිකය විටින් විට වෙනස් කළා. ඒ වගේ ගම්පහත් වෙනසක් කරන්න මූලිකත්වය දීපු දිස්ත්‍රික්කයක්. වෙනස්කම් කරන්න ගම්පහ හොඳ තෝතැන්නක්. එදා අපිව කවුරු විවේචනය කළත් විවෘත ආර්ථිකය සුබවාදීව සමහරු බාර ගත්තා. සමහරු අසුබවාදීව විවෘත ආර්ථිකය බාර ගත්තා. විවෘත ආර්ථිකය එද්දි මේ රටේ තිබිච්ච තත්ත්වය අපිට මතක නෑ 77න් පස්සේ ඉපදුණු තරුණයන් විදිහට. 77න් ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වය දේශපාලනික කාරණාවක් නෙවෙයි. හැබැයි අපිට තිබුණ පෝලිම් යුගය, මිරිස් පොලු, භූමිතෙල් පොලු, බත් කන්න පුළුවන් දවස් කීපයක් වුණ ආර්ථික තත්ත්වයක් තිබුණේ. එහෙම තිබිලා 1978දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මේ රටට විවෘත ආර්ථ්කය හඳුන්වලා දෙනවා. ඒ වෙනකොට අර තිබුණ පෝලිම් යුගය වෙනස් කරලා, සමූපකාරවලින් විතරක් තිබුණ යුගය වෙනස් කරලා, මිනිසුන්ට බඩු සුලභ වෙන්න පටන්ගන්නවා. ආර්ථිකය දියුණු වෙන්න පටන් ගන්නවා. ටීවී, රේඩියෝ බොහොමයක් නොතිබුණ රටට ටීවී රේඩියෝ එන්න පටන් ගත්තා. මිනිස්සු රට යන්න පටන් ගත්තා. ආර්ථිකමය වශයෙන් දියුණු වෙන්න පටන් ගත්තා. මේ පරිවර්තනීය වෙනස පටන් ගත්තේ ගම්පහින් බිහි වුණු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන්. මේ පරිවර්තනය සිද්ධ වෙන වෙලාවේ කැබිනට් ඇමැතිවරයෙක් විදිහට හිටපු රනිල් වික්‍රමසිංහ තමයි බියගම නියෝජනය කරලා පාර්ලිමේන්තුවට ගිහින් අද ජනාධිපතිවරයා වෙන්නේ.” යනුවෙන් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
“අද ඇති වී තියෙන ප්‍රශ්නවලට පැලැස්තර විසඳුම් හොයලා හරියන්නේ නෑ. දීර්ඝ කාලීන විසඳුම් හොයන්න වෙලා තියෙනවා. අපේ ආර්ථිකය කඩාගෙන වැටුණු වෙලාවෙදී ඒ සඳහා ප්‍රායෝගික විසඳුම් ඕන වෙලා තියෙනවා. අද අපිට ඕන වෙන්නේ මේ දරුවන්ට අනාගතවාදීව හිතලා ණය බරින් නිදහස් කරන රටක් හදන්න. පැලැස්තර විදිහට තැන් තැන්වල වේදිකාවලට ඇවිල්ලා කෑ ගහලා අපි ආවම හදනවා, ආවම වෙනස් කරනවා කියන එක වෙනුවට දීර්ඝ කාලීනව මේ ක්‍රමය වෙනස් කරන වැඩපිළිවෙලකුයි අපිට ඕන වෙන්නේ. ඒ නිසයි දරුවන්ගේ ඉඳලා මනස ශක්තිමත් කරලා, ස්මාට් වැඩ්ඩෝ හදන කර්මාන්ත ලෝකයට හයියක් දීලා, රටේ නිෂ්පාදන ආර්ථිකය හදලා රට ණය බරින් නිදහස් කරන දීර්ඝ ගමනක ආරම්භය අපි ආරම්භ කරන්නේ.” යැයි ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
මේ වෙලාවේ නිවැරදි දේ සිද්ධ නොකර අද වැරදි තීන්දු ගත්තොත් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් රට අමාරුවෙ වැටෙනවා. එහෙම අනාගතයකට ආවොත් අපිට නැවත වතාවක් සැනසිල්ලේ ඉන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. නැවතත් මේ ආර්ථික අර්බුදයේ, ණය උගුලේ, තෙල් පෝලිම්වලට වැටෙන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නවත නැවත යන්නේ නැතිව ස්ථිර සාර වැඩපිළිවෙළකටයි අපි ක්‍රමානුකූලව යා යුත්තේ. මේ ගම්පහ දිසාවේ කැලණි මිටියාවතේ ජනප්‍රිය දෙවි කෙනෙක් හිටියා රන්වල දෙයියෝ කියලා. රන්වල දෙයියෝ ඔරු පාරුවල යන අයට පහනක් අල්ලලා පාර පෙන්නුවා. මේ සාමාන්‍ය පුද්ලයෙක්. ඔහු මියැදුණාට පස්සේ ගම්වල මිනිස්සු ඔහුට රන්වල දෙයියෝ කියලා වන්දනාමාන කරන්න ගත්තා. මේ රටේ ජනාධිපතිවරයා මේ රට හරි මග ගෙනියන්න පහන අල්ලගෙන හිටපු රන්වල දෙවියෝ වගේ මේ රට යා යුත්තේ කොතැනටද කියලා අද රට නිවැරදි පාරට ගෙනියන්න දිශානතිය කියලා දෙනවා.’ යනුවෙන් ද ඇමැතිවරයාවැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart