Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කච්චතිව් දූපත පිළිබඳ ප්රශ්නය යළි අවුළුවාලීමට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය දරන උත්සාහය ඡන්ද ඇදගැනීම සඳහා විය හැක්කක් වුවත් මැතිවරණයෙන් පසු ඉන්දීය රජයට එය ගැටලුවක් වියහැකි බව ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රකාශකර තිබේ.
ඔස්ටින් ප්‍රනාන්දු යනු පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වන අතර ජනාධිපති ලේකම්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, අගමැති උපදේශක, ස්වදේශ කටයුතු ලේකම් ඇතුළු තනුතුරු රැසක් ඔහු හොබවා තිබේ.
2018 වසරේ සිට 2020 වසර දක්වා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේද ඔස්ටින් ප්‍රනාන්දුය.
එසේම ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා ලෙස ද ඔහු කටයුතු කර ඇත.
ඔහු ඉන්දියන් එක්ස්ප්‍රස් සමඟ එක්වෙමින් 1980 ගණන්වල අගභාගයේදී ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඉන්දීය සාම සාධක හමුදාව පිළිබඳ කළ ප්‍රකාශ සිහිපත් කර තිබිණි.
එනම් ඉන්දීය රජය ශ්‍රී ලංකා සමුද්‍රීය අන්තර්ජාතික සීමාව ඉක්මවා ගියහොත් එය “ශ්‍රී ලංකා ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක්” ලෙස සළකනු ඇතැයි ඔහු සඳහන් කර තිබේ.
“පකිස්ථානය ගෝව ආසන්නයේ මෙවැනි මුහුදු ආක්‍රමණයක් යෝජනා කළහොත් ඉන්දියාව එය ඉවසයිද? නැතිනම් බංගලිදේශය බෙංගාල බොක්ක ආශ්‍රිතව මෙවැනි දෙයක් කළහොත් ඉන්දියාවේ ප්‍රතිචාරය කුමක් වෙයිද ? යනුවෙන් ඔහු ප්‍රශ්න කර තිබේ.
ඉන්දියාව 1974 දී කුඩා කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දී තිබිණි.
තමිල්නාඩුවේ ලෝක් සභා මැතිවරණයට සති කිහිපයක් තිබියදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි චෝදනාකර තිබුණේ ඉන්දිරා ගාන්ධි ආණ්ඩුව විසින් කච්චතිව් දූපත “නොසැළකිලිමත් ලෙස” ශ්‍රී ලංකාවට ලබා දුන් බවටයි.
ඔස්ටින් ප්‍රනාන්දු පැවසුවේ, ” භාරතීය ජනතා පක්ෂයට සංසන්දනාත්මකව තමිල්නාඩුවේ වැඩි බලයක් නොමැති නිසා මෙය ඡන්ද ඇද ගැනීමට තල්ලුවක් වී තිබෙනවා” යනුවෙනි.
“මේක ඡන්දෙට කරන කයිවාරුවක් විතරයි වගේ. හැබැයි මෙහෙම දෙයක් කිව්වට පස්සේ ඡන්දෙන් පස්සේ ආණ්ඩුවට ඒකෙන් ගොඩ එන්න අමාරුයි, මොකද භාරතීය ජනතා පක්ෂය දිනනවා. ගැටලුව එයයි. ඔවුන් සහ අපි දෙගොල්ලොම ඒ ගැන සිතා බැලිය යුතුයි, ”යනුවෙන් ඔහු ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත පවසා තිබේ.
“තමිල්නාඩුවේ ඡන්දදායකයන් තෘප්තිමත් කිරීම සඳහා, විදේශ කටයුතු ඇමැති ජයිශංකර් කච්චතිව් ප්‍රදේශයේ ධීවර අයිතිය අපට ලබා ගන්න කටයුතු කරනවා යනුවෙන් ප්‍රකාශ කළා විය හැකියි. එය ඵලදායි ලෙස කළ හැකිද නැද්ද කියන එක වෙනම ගැටලුවක්. ඕනෑම ගැටලුවක් පාලනය කරන්නේ කවුද? ඒ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය බව අපට කියන්න එපා,” ප්‍රනාන්දු පැවසීය.
“ශ්‍රී ලංකා රජය ඊට ඉඩ දුන්නොත් එය උතුරේ ධීවරයන්ගේ ඡන්දවලින් රජයට සැළකිව යුතු කොටසක් අඩුවෙන වැඩක්,” යයි ප්‍රනාන්දු පෙන්වා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart