April 4, 2024

අමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ලොව ඉහළම ධනවතුන්ගේ නවතම ලැයිස්තුවට ඇතුළත්වීමට සමත්ව තිබේ.

Forbes විසින් ලැයිස්තුගත කරන ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවට ටේලර් ස්විෆ්ට් මෙලෙස ඇතුළත්ව ඇත්තේ ප්‍රථම වරටයි.

Taylor Swift's Net Worth and Business Empire Explained

අනුව ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ශ්‍රේණිගත කිරීමක් වන Forbes World’s Billionaires සඳහා එලොන් මස්ක් සමඟ එක්වීමට ටේලර් ස්විෆ්ට්ට හැකි වී ඇත්තේ ඩොලර් බිලියන 1.1ක වත්කමක් සමගිනි.

ෆෝබ්ස් සඟරාව පැවසුවේ 2024 සඳහා වාර්තාගත බිලියනපතියන් 2,781ක් සිටින බවයි.

මෙම අගය පසුගිය වසරට වඩා 141කින් සහ 2021දී තැබූ පෙර වාර්තාවට වඩා 26කින් වැඩිය.

ෆෝබ්ස් සඟරාවට අනුව මෙම පිරිසගේ සාමූහික ධනය ඩොලර් ට්‍රිලියන 14.2ක් වන බවයි.

අමෙරිකානු පොප් ගායිකා ස්විෆ්ට් ධනවත් ලැයිස්තුවට ඇතුළත් වන්නේ මෙගාස්ටාර් තත්ත්වය ලබා ගැනීමෙන් පසුවය.

ඇය මෙම වසරේ ග්‍රැමී සම්මාන උලෙළේ දී වැඩිම අවධානයක් දිනාගත් අතර වසරේ ඇල්බමය සඳහා සිව් වතාවක් ත්‍යාගය දිනාගත් පළමු ශිල්පිනිය බවට ද පත්විය.

ඇගේ ‘1989’ ඇල්බමය පසුගිය වසරේ වැඩියෙන්ම අලෙවි වූ ඇල්බමය විය.

Taylor Swift Has 'Never Been This Happy in All Aspects of My Life'

ස්විෆ්ට්ගේ සාර්ථකත්වය සංගීත ලෝකයට පමණක් සීමා වූවක් නොවේ.

ඇගේ පෙම්වතා වන ට්‍රැවිස් කෙල්ස්ගේ තරග නැරඹීමට ඇය පැමිණ සිටීම අමෙරිකානු පාපන්දු ක්‍රීඩාවල නැරඹුම් සංඛ්‍යා ඉහළ නැංවීමේ ගෞරවයට ඇය පාත්‍ර වී සිටියි.

ග්‍රහලෝකයේ ඉහළම ධනවත්ම පුද්ගලයන් 10 දෙනා සම්බන්ධයෙන් ගත් විට, ලැයිස්තුගත කර ඇත්තේ අට දෙනෙක් එක්සත් ජනපදයෙන් – ඔවුන්ගෙන් හය දෙනෙක් තාක්‍ෂණ කර්මාන්තවලින් මුදල් උපයා ඇත.

Forbes World’s Billionaires ලයිස්තුවේ තවමත් පළමුතැන පසුවන්නේ ප්‍රංශ සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදනයේ දැවැන්තයකු වන Bernard Arnault සහ ඔහුගේ පවුලේ අයයි.

ඔවුන් සතු වත්කම් ඇස්තමේන්තුගත ඇත්තේ ඩොලර් බිලියන 233ක් ලෙසයි.

ප්‍රංශ ජාතික Bernard Arnault සහ ඔහුගේ පවුලේ අයට පසුව දෙවැනි තැන පසුවන්නේ ඩොලර් බිලියන 195ක වත්කම් සතු ටෙස්ලා සහ එක්ස් හි හිමිකරු වන එලෝන් මස්ක්ය.

ඔහු පසුපසින් සිටින්නේ Amazon හිමිකරු Jeff Bezosය.