April 3, 2024

මෙරට ඡන්දදායකයන්ගෙන් සියයට 60කට වැඩි පිරිසක් ඡන්දය දිය යුත්තේ කාටද යන්න තවමත් තීරණය කර නොමැති බව ආණ්ඩුව විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් පවසයි.

ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියාසිටියේ ඇතැම් දේශපාලන පක්ෂ ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අපේක්ෂා කිරීම පිළිබඳ ප්‍රචාර අසත්‍ය බවයි.

“සමහර දේශපාලන පක්ෂ මවාගත්ත ලෝකවල ජීවත් වෙනවා” යනුවෙන් ඔහු ප්‍රකාශකර තිබේ.

ඒ අතරම 2015 ජනාධිපතිවරණයේදී රටම දුටු ආකාරයේ පුදුමයක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහටද උදාවනු ඇතැයි ඔහු පැවසීය.

“තිරය පිටුපස බොහෝ දේවල් සිදුවෙනවා. ඒ නිසා පිටින් බලලා නිගමනවලට එන්න එපා,” යැයි ඔහු මේ සම්බන්ධයෙන් පැවසීය.

ජනාධිපති වික්‍රමසිංහට බොහෝ පුද්ගලයන් සහ පක්‍ෂ තම සහාය ලබා දීමට ප්‍රතිඥා දී ඇති බවත් මැතිවරණය ළං වනවිට ඔවුන් පියවරක් ගනු ඇති බවත් අකිල විරාජ් කාරියවසම් පැවසීය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින පෙළපාලියක් ටවර්හෝල් ඉදිරිපිටදී පවත්වන බවද ඔහු ප්‍රකාශ කළේය.

42.31%
17.27%
32.76%