April 2, 2024

ඉන්දීය ධීවරයන්ට කච්චතිව් ආසන්නයේ මසුන් ඇල්ලීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීමට සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් පවසයි.

කච්චතිව් දූපත රඳවාගැනීමට ඉන්දියාව ප්‍රමාණවත් උත්සාහයක් නොගත් බවට තොරතුරු දැනගැනීමේ පනත හරහා හෙළිදරව්වීම මධ්‍යයේ විදේශ කටයුතු ඇමැති එස්.ජයිශංකර් ප්‍රකාශ කළේ දිවයින ආසන්න මුහුදු තීරයේ ඉන්දීය ධීවරයන් කටයුතු කිරීම නවතා දැමීමට හේතු වූ ඉන්දු – ශ්‍රී ලංකා මුහුදු සීමා පනත ක්‍රියාත්මක කිරීම සහ ඉන් අනතුරුව කොළඹ දී ඇති කර ගත් ගනුදෙනුව සම්බන්ධයෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා ආරම්භ කරන බවයි.

“අපි ධීවර අයිතිය නැවත ලබාගත යුතුයි. අපි ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කතාබහ කර එය විසඳාගත යුතුයි. අදත් අපේ ධීවරයන් අත්අඩංගුවට ගන්නවා, යාත්‍රා අල්ලනවා. කච්චතිව් දූපත 1974 දී අපට අහිමිවුණා. 1976 දී ධීවර අයිතියත් අපට අහිමිවුණා, ” යනුවෙන් ජයිශංකර් පැවසුවේ ප්‍රතිරෝධය දැක්වීමකින් තොරව හිමිකම් අත්හැරීම සම්බන්ධයෙන් ඉන්දීය කොන්ග්‍රසය සහ ඩීඑම්කේ පක්ෂය එක සමානව වගකිව යුතු බව ද සඳහන් කරමිනි.

පසුගිය වසර 20 තුළ ඉන්දීය ධීවරයන් 6,184ක් රඳවාගෙන ඇති අතර ඉන්දීය ධීවර යාත්‍රා 1,175ක් ශ්‍රී ලංකාව විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන හෝ අත්අඩංගුවට ගෙන ඇති බව ජයිශංකර් ප්‍රකාශ කළේය.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීමේ ගිවිසුම ආරක්ෂා කරමින් හිටපු ඉන්දීය මුදල් ඇමැති පී. චිදම්බරම් ඊයේ අදහස් පළකර තිබිණි.

දීර්ඝ සාකච්ඡාවලින් පසුව 1974 සහ 1976 දී මෙම ගිවිසුමට එළැඹුණු බව ඔහු පැවසීය.

“අගමැති මෝදි සඳහන් කරන්නේ මෑත කාලීන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලැබුණු පිළිතුරක් ගැනයි, මා විශ්වාස කරන පරිදි එස්. ජයිශංකර් විදේශ ලේකම්වරයාව සිටියදී 2015 ජනවාරි 27 තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලැබුණු පිළිතුර වෙතත් අවධානය යොමුකළ යුතුයි. එම පිළිතුරෙන් පැහැදිලිවම පවසන්නේ අන්තර්ජාතික දේශසීමාවේ ශ්‍රී ලංකාව පැත්තේ දූපත පිහිටා ඇති බව සාකච්ඡාවලින් පසු පෙනීගිය බවයි, ” යනුවෙන් චිදම්බරම් ප්‍රකාශකර තිබේ.

42.31%
17.27%
32.76%