March 28, 2024

යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා ඉන්දියාවට පැමිණ තිබේ.

ඒ දෙදින නිල සංචාරයක් සඳහායි.

ඒ අනුව යුක්‍රේනය විදේශ අමාත්‍යවරයා අද ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් හමුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහිදී දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා වර්ධනය සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා පැවැති බව ද සඳහන්.

යුක්‍රේන විදේශ අමාත්‍යවරයාගේ සංචාරය තමන් අපේක්ෂා කළ බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

එමෙන්ම පසුගිය මාස කිහිපයේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වී ඇති බව ද ඔහු පවසා තිබේ.

යුක්‍රේනය යුද්ධය සම්බන්ධයෙන් එහිදී විදේශ අමාත්‍යවරුන් දෙපල සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වෙයි.