April 1, 2024

බොරලැස්ගමුව පොලිස් වසමට අයත් දෙහිවල – මහරගම ප්‍රධාන බස් මාර්ගයේ ඇඹිල්ලවත්ත මංසන්ධියට ආසන්නයේ පිහිටා ඇති අනවසර සම්බාහන මධ්‍යස්ථානයකට සේවය ලබාගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු පසුගිය (29) දින රාත්‍රි 07.30ට පමණ හදිසියේ ඇති වූ පපුවේ වේදනාකාරී තත්ත්වයක් හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, යම්කිසි ලිංගික උත්තේජන ඖෂධ වර්ගයක් පානය කිරීම නිසා හටගත් හෘදයාබාධ තත්ත්වයක් මත බවට පොලිසිය සැකකරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි ඇරවල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය පවසයි.

මරණයට පත් පුද්ගලයා යම්කිසි ලිංගික උත්තේජන ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව මෙම ස්ථානයට පැමිණ ඇති බවට සැකපහළ කරන බවත්, එම ඖෂධ හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් මත මෙම පුද්ගලයා මියයන්නට ඇතැයි සැකකරන බවත් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න විසින් ස්ථානීය පරීක්ෂණය සිදුකර ලබාදුන් නියෝග මත මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකළ බවත් පොලිසිය සඳහන් කරයි.

ආයුර්වේද සම්බාහන ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන යනු ලබන මෙම ස්ථානය කිහිපවිටක්ම වටළා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් කර ඇති බවත්, එයද නොතකා දිගින් දිගටම පවත්වාගෙන ගොස් ඇති බවත් සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කළ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.(දිවයින)

42.31%
17.27%
32.76%