Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයථා විදේශ ගමන් බලපත්රයක් භාවිත කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කර තිබේ.
මෙම නඩුව අද (01) විභාගයට ගත් අවස්ථාවේදී මීගමුව මහේස්ත්රාත් අධිකරණය විසින් මන්ත්රීවරයා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබිණි.
වීරවංශ මන්ත්රීවරයා 2015 වසරේ අක්රිය විදේශ ගමන් බලපත්රයක් භාවිත කරමින් විදේශගත වීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබිණි.
වීරවංශ මන්ත්රීවරයා විදේශගතවීම සඳහා වීසා ඇතුළත් කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්රයක් ලබාදී ඇති අතර විදේශ ගමන් බලපත්රය සම්බන්ධයෙන් ගුවන්තොටුපළ බලධාරීන් දැනුම් දී ඇති බව වාර්තා වේ.
පසුව ඔහු නව විදේශ ගමන් බලපත්රයක් ලබාගෙන නැවත විදේශගත වීමට උත්සාහ කර ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
මන්ත්රීවරයා කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්රයක් සමඟින් පැමිණි පළමු අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගැනීමට ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් අපොහොසත් වූ බවත් ඒ වෙනුවට නව ගමන් බලපත්රයක් රැගෙන පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවත් වීරවංශ මන්ත්රීවරයාගේ නීතීඥවරයා අධිකරණයට දන්වා තිබිණි.
පැරණි ගමන් බලපත්රයක වලංගු වීසා බලපත්රයක් අලුත් කරන ලද ගමන් බලපත්රයක් සමඟ ගමන් කළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දන්වා ඇති බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.
මෙම කරුණු සැළකිල්ලට ගනිමින් මීගමුව මහේස්ත්රාත් අධිකරණය එම නඩුවෙන් විමල් වීරවංශ මන්ත්රීවරයා නිදොස් කොට නිදහස් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart