March 31, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ මොණරවිල ප්‍රදේශයට අත්‍යවශ්‍ය පහසුකමක් සලසන අභිනවයෙන් ඉදිකළ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඊයේ විවෘත කරන ලදී.

මධ්‍ය තණතිලි කඩුලු හතකින් සමන්විත නව ක්‍රීඩාංගණය පළමු පෙළ තරග, අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරග, සංචාරක කණ්ඩායම් සමඟ පුහුණු තරග සහ අන්තර්ජාතික කාන්තා ක්‍රිකට් තරග පැවැත්වීම සඳහා පහසුකම් සපයයි.

ප්‍රදේශයේ පාසල් සහ ක්‍රිකට් සමාජවලට ඔවුන්ගේ පුහුණු සැසි පැවැත්වීමට මෙන්ම ක්‍රීඩා කිරීමටද ක්‍රීඩාංගණය ලබාදීමට නියමිතය.

රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති කංචන ජයරත්නගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් මෙම ක්‍රීඩාංගණය විවෘත කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩක පැතුම් නිශ්ශංක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

May be an image of 9 people and text

May be an image of grass

May be an image of 8 people

May be an image of 1 person, crowd and text that says "NATION A"

May be an image of 9 people

May be an image of 8 people

May be an image of one or more people, crowd and text

May be an image of grass and golf course