March 27, 2024

නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

මුදල් මංකොල්ලයක් සඳහා පැමිණි පුද්ගලයන් තිදෙනෙකුගෙන් අයකු අද (බදාදා 27) අලුයම මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකථන අලෙවි කරන බව පවසමින් ව්‍යාජ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය සැකකරුවන් ඇපල් වර්ගයේ ජංගම දුරකථන අලෙවිකරණ බවට පුවත්පත් දැන්වීම් පළ කර එලෙස ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ මුදල් කොල්ලකෑමට උත්සාහ දරා ඇති බව පොලීසිය පවසයි.

අදාළ දැන්වීමට අනුව ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා රුවන්වැල්ල ප්‍රදේශයේ පිරිසක් පැමිණ තිබේ.

ඔවුන්ට ඇති වූ සැකය මත ඒ පිළිබඳ පොලීසියට දන්වා පොලිස් නිලධාරීන් සමග ඔවුන් හමුවීමට ගොස් ඇත.

නාරම්මල ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස සැකකරුවන් ඔවුන්ට දන්වා ඇති අතර එම ස්ථානයට පැමිණීමත් සමග ඔවුන්ගේ මෝටර් රථයට තියුණු ආයුධවලින් පහරදී තිබිණි.

ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ එහිදී පොලිස් නිලධාරීන් සමග ඇති වූ පොරබැඳීමක් අතරතුර 28 හැවිරිදි සැකකරුට වෙඩිතබා ඇති අතර වෙඩි වැදීමෙන් ඔහු මිය ගිය බවයි.

එහිදී අනෙක් කොල්ලකරුවන් දෙදෙනා පළාගොස් තිබේ.

ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි දෙදෙනා ද තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

 

42.31%
17.27%
32.76%