Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තීරණාත්මක රැස්වීමක් සඳහා පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම නිලධාරීන් කොළඹට කැඳවා තිබේ.
ඒ අනුව තීරණාත්මක කරුණුවලට එළැඹීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන්, විධායක කමිටු සාමාජිකයන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ පක්ෂ අනුබද්ධ සංවිධානවල සියලුම නිලධාරීන් සති අන්තයේ පක්ෂ මූලස්ථානයට කැඳවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි.
තවද, මෙම රැස්වීම සඳහා අදාළ සියලුම සාමාජිකයන්ගේ පැමිණීම අනිවාර්ය කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයක් ඉදිරි කාලය තුළ ගොඩනැගෙන අතර එම ක්‍රියාවලිය අවසන් අදියරට පැමිණ ඇති බව වාර්තා වේ.
මේ පසුබිම යටතේ වත්මන් රාජ්‍ය නායක රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් අප්‍රේල් මාසයේදී පිහිටුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart