Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොරටුව පොලිස් බල ප්රදේශයේ හෝටලයක කළ වැටලීමකදී කාන්තාවන් හතර දෙනෙකු සමඟ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අඟුලාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අයකු බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
මොරටුව පොලිසිය මෙම හෝටලය වටලා ඇත්තේ පොලිස් කොස්තාපල්වරයකු ගිය රථයක තිබී හෙරොයින් මිලිග්රෑම් 20ක් පොලිස් මුරපොළකදී සොයා ගැනීමෙන් පසුවය.
දෙහිඅත්තකණ්ඩිය පොලිසියට අනුයුක්තව සේවය කරන මෙම පොලිස් නිලධාරියාගෙන් කළ ප්රශ්න කිරීම්වලදී ඔහු පදවාගෙන ආ මෝටර් රථය වෙනත් කොස්තාපල්වරයකුගේ බවත් ඔහු මිතුරන් කිහිප දෙනෙකු සමඟ හෝටලයක සිටි බවත් අනාවරණ කර ඇත.
“අපි හෝටලය වටලන විට, කොස්තාපල්වරයා කාන්තාවන් හතර දෙනෙකු සමඟ එහි සිටියා. මිලිග්රෑම් 3,600 සහ මිලිග්රෑම් 400 බරැති මත්කුඩු වර්ග දෙකක් එහිදී සොයා ගැනීමට අපට හැකිවුණා,” උසස් නිලධාරියෙක් පැවසීය.
රජයේ රස පරීක්ෂකවරයාට ලබාදීමට රුධිර සාම්පලයක් රැගෙන කොළඹට පැමිණ සිටි දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ කොස්තාපල්වරයා අහඹු ලෙස දැනට අඟුලානට අනුයුක්තව සිටින පොලිසියේ කොස්තාපල්වරයා හමුවී තිබේ.
ඔවුන් මීට පෙර කොළඹ ප්රදේශයේ එකට සේවය කර ඇති අතර අහඹු හමුවෙන් පසු මොරටුව ප්රදේශයේ හෝටලයක සාදයක් සංවිධානය කිරීමට තීරණය කර ඇත.
ඒ සඳහා ඔවුන් කාන්තාවන් හතර දෙනෙකු ද ගෙන්වාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart