Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘යක්ෂ වල්ගා තරුව’ යන අන්වර්ථ නාමයක් සහිත දුර්ලභ හා දැවැන්ත වල්ගා තරුවක් වසර 71කට පසු ප්‍රථමවරට පෘථිවියට දැකගත හැකි වනු ඇති බව නාසා ආයතනය පවසයි.
අප්‍රේල් 8 වැනිදා සිදුවන පූර්ණ සූර්යග්‍රහණය අතරතුර එක්සත් ජනපදයේ ටෙක්සාස් සිට මේන් දක්වා වන කොටසට මෙය දර්ශනය වනු ඇති බව සඳහන්ය.
මෙම ‘ක්රියෝවොල්කනික්’ වල්ගා තරුව 12P/Pons-Brooks ලෙස නිල වශයෙන් නම් කර තිබුණ ද එහි අයිස් සහ වායුවලින් සෑදූණු ‘අං දෙකක්’ දක්නට ලැබීම සහ වරින්වර සිදුවන පිපිරීම් හේතුවෙන් එය ‘යක්ෂ වල්ගා තරුව’ ලෙස හැඳින්වේ.
නාසා ආයතනය පවසන්නේ ධූමකේතු සෑදී ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටුවීමෙන් පසු එකට බැඳී ඇති දූවිලි, ශීත කළ වායු, අයිස් සහ පාෂාණවලින් බවයි.
වඩාත් දීප්තියෙන් බැබළෙන මෙම යක්ෂ ධූමකේතුව අප්‍රේල් 21 වැනි දින සූර්යයාට ආසන්නතම ස්ථානයට ළඟා වන බව නාසා ආයතනය පවසයි.
ඔවුන්ට අනුව, මෙම තාරකා විද්‍යාත්මක සිදුවීම අප්‍රේල් 08 වැනිදා උතුරු අමෙරිකාවේ සිදුවන පූර්ණ සූර්යග්‍රහණය සමඟ සමපාත වන බැවින් සූර්යයා සහ පෘථිවිය අතර චන්ද්‍රයා ගමන් කරන විට ටෙක්සාස් සිට මේන් දක්වා එක්සත් ජනපදයේ කොටස්වලට ධූමකේතුව දිස්වනු ඇති බවයි.
සම්පූර්ණ කාලය තුළ සූර්යාලෝකය හදිසියේ නොමැතිවීම නිසා අහස නිරීක්ෂකයන්ට විශාල අහස, තරු, ග්‍රහලෝක සහ ඇතැම්විට 12P/Pons-Brooks වල්ගාතරුව සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කිරීම නිරීක්ෂණය කිරීමට තරම් අඳුරු දර්ශනයක් ලැබෙනු ඇති බව නාසා ආයතනයේ විශ්වාසය වී තිබේ.
සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරන 12P/Pons-Brooks ජූනි 2 වැනි දින පෘථිවියට ආසන්නතම ගමන සිදුකරනු ඇති බැවින් ප්‍රවීණයන් පවසන්නේ, යක්ෂ වල්ගා තරුව දැකීමට තවත් අවස්ථාවක් ලැබෙනු ඇති බවයි.
කෙසේවෙතත්, සූර්යයාගේ සිට පවතින දුර අනුව එය සූර්යග්‍රහණය දිනයට වඩා අඩුවෙන් පෙනෙනු ඇති බවට ද මත පළවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart