March 18, 2024

පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් රටේ දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

කුරුණෑගල, බදුල්ල හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක ඒ අතර වන බව එම සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව, කුරුණෑගල ඒකක 102, බදුල්ල ඒකක 106 සහ අනුරාධපුර ඒකක 104, ලෙස වායු ගුණාත්මකභාවය පවතින බව සංවිධානය පවසයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස සංවිධානය දැනුම් දෙයි.