March 16, 2024

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් තමන්ට එරෙහිව පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියාසිටියේ ලබන සතියේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඊට අදාළ ලිපියක් යොමුකිරීමට පියවර ගන්නා බවයි.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස තමන්ව පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම හේතුවෙන් විජිත හේරත් මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එම ජනමාධ්‍යට පැහැදිලි කළේය.

විජිත හේරත් මන්ත්‍රීවරයා තමන්ට එරෙහිව චෝදනා කිහිපයක් එල්ල කර ඇති බැවින්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඊට අදාළව ජනමාධ්‍යවල පටිගත කිරීම් සියල්ල එක්රැස් කර තම නීතීඥයින් වෙත භාරදී ඇති බව ද ඔහු පැවැසුවේය.

විජිත හේරත් මන්ත්‍රීවරයා එල්ල කළ චෝදනාවලට,විශේෂයෙන් තමන්ට ‘හොරෙක්’ ලෙස ආමන්ත්‍රණය කරන ප්‍රකාශය සනාථ කිරීමට අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එහිදී අභියෝගක් ද සිදුකර තිබිණි.

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත්කිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙරට සංචාරයක නිරත වූ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමඟ පැවැති සාකච්ඡාවකදී ද කනස්සල්ල පළකර තිබේ.

42.31%
17.27%
32.76%