March 16, 2024

වැට් බදු අනුපාතය අලුත් අවුරුද්ද ඉලක්ක කර අඩුකිරීමට රජය සූදානම් වන බව මුදල් අමාත්‍යංශ වාර්තා අනාවරණය කරයි.

ඒ අනුව දැනට පවත්නා 18% ක වැට් බදු අනුපාතය අප්‍රේල් මාසයේ සිට 3% කින් පමණ අඩු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙලෙස බද්ද 15% දක්වා අඩුකිරීමට සැලසුම් කර ඇතැයි මුදල් අමාත්‍යංශ වාර්තා සඳහන් කරයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව රජයේ බදු ආදායම් වැඩිකර ගැනීමේ අරමුණින් 12% ක්ව පැවැති වැට් බදු අනුපාතය 18% ක් දක්වා ඉහළ දැමිණි.

42.31%
17.27%
32.76%