Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට දේශීය හා විදේශීය වශයෙන් රුපියල් කෝටි 1200කට අධික මුදල් ප්‍රමාණයක් ලැබීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනවල ප්‍රගතිය මෙන්ම, ප්‍රසිද්ධ දේශනයක දී බුදුදහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන ආකාරයෙන් සිදුකර ඇතැයි කියන ප්‍රකාශවලට එරෙහිව ගත් නීතිමය පියවර කුමක්දැයි ඉදිරි නඩු දිනයේදී (එනම් ලබන මැයි 13 වැනිදා) තම අධිකරණයට වාර්තා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.
එම දේවගැතිවරයා විසින් සිදුකර ඇති එකී අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත යටතේ චෝදනා ගොනුකර නඩු පැවරීමට නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු හා ගාමිණී අමරසේකර යන විනිසුරු මඬුල්ල එම නියෝගය නිකුත් කළේය.
ඇල්ලේ ගුණවංශ හිමි, බෙංගමුවේ නාලක හිමි, අගුලුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි, නිශාන් කුරේ පියතුමා, ආචාර්ය සිවසයි රාමචන්ද්‍ර කුරුක්කල්තුමා, හජ්ජියාර් සියාද් හෂාන් මවුලවිතුමා විසින් එම පෙත්සම ගොනුකර තිබිණි.
වගඋත්තරකාර දේවගැතිවරයාගේ හා ඔහුගේ බිරිඳගේ ගිණුම් හරහා ගෙවුණු කාලය තුළ දී රුපියල් බිලියන 12කට අධික මුදලක් සංසරණය වී ඇති බව නීතිපතිවරයා අධිකරණයට වාර්තා කොට ඇතත්, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම කනගාටුවට කරුණක් බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විනිසුරු මඬුල්ලට පැවැසීය.
වගඋත්තරකාර එම දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම්
විමර්ශන සහිකය විසින් මේ වනවිටත් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට පැවැසීය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart