March 13, 2024

ඉදිරි සති කීපයේත් උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක පවසන්නේ, උණුසුම් කාලගුණය දරා ගැනීමට හැකි සුදු ඇඳුම් දිනවල ඇඳීම වඩාත් සුදුසු බවයි.

උණුසුම් කාලගුණ තත්ත්වය පැවැතියත් දිවයිනේ ස්ථාන කීපයකට වැසි ඇතිවිය හැකි බවද ඔහු කියාසිටියි.

වැඩිපුර ජලය පානය කිරීම සහ අධික ලෙස මහන්සි වී වැඩ කිරීමෙන් වැළකීමද කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසයි.

42.31%
17.27%
32.76%