Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාවේ ඔටවාහි මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම සමූහ ඝාතනය පිළිබඳ ප්‍රධාන තොරතුරු සන්නිවේදනය කිරීමේදී පසුගිය සතියේ තමන් අතින් වැරදි සිදු වූ බව ඔටාවා පොලිසිය පිළිගෙන තිබේ.
මාර්තු 6 වැනි දින දකුණු ඔටාවාහි උපනගරයක් වන බාර්හේවන්හි නිවසක් තුළ මවක්, ඇගේ දරුවන් හතර දෙනා සහ පවුලේ හිතවතකු ඇතුළු හය දෙනෙකු මිය ගොස් සිටියදී සොයා ගෙන තිබිණි.
කාන්තාවගේ සැමියා සහ දරුවන්ගේ පියා තවමත් රෝහල්ගතව සිටියි.
පවුල සමඟ ජීවත් වූ 19 හැවිරිදි තරුණයකු පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයකට සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවකට මුහුණ දී සිටින අතර ඔහු අත්අඩංගුවේ පසුවේ.
පොලිසියට අනුව ඔවුන්ට මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමතුම් ලැබීමට පටන්ගෙන තිබුණේ බදාදා රාත්‍රී 10:52 ටය.
ඊට මිනිත්තු කිහිපයකට පසුව ඔවුන් ප්‍රතිචාර දක්වා ඇති අතර සිද්ධියට අදාළ විත්තිකරු රාත්‍රී 11ට පමණ අත්අඩංගුවට ගැනුණු බව පැමිණිලිකරුවෝ අධිකරණයේ දී පැවසූහ.
කිසිදු තුවක්කුවක් සම්බන්ධ නොවූ මෙම ඝාතනයන් ඛේදවාචකයට පසු දින, ඔටාවා පොලිස් සේවය විසින් “සමූහ වෙඩි තැබීමක්” ලෙස හැඳින්වූ අතර, වින්දිතයන්ගේ නම් නැවත නැවතත් වැරදි ලෙස දක්වා තිබිණි.
ඔටාවා පොලිස් සේවයේ ප්‍රධානියා විසින් සිදුවීම හඳුන්වා තිබුණේ ද ‘සමූහ වෙඩි තැබීම’ ලෙසයි.
බ්‍රහස්පතින්දා දිනයේ උදෑසන CBCහි ජාතික වශයෙන් විකාශනය වූ සම්මුඛ සාකච්ඡාවකදී, ඔටාවා පොලිස් සේවයේ ප්‍රධානී එරික් ස්ටබ්ස් මෙම ඝාතන “සමූහ වෙඩි තැබීමක්” ලෙස වැරදියට හැඳින්වීය.
එදින පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී, අත්අඩංගුවේ පසුවන පුද්ගලයා “Frank D’Souza” ලෙස ස්ටබ්ස් විසින් වරදවා හඳුන්වා දෙනු ලැබීය.
කැනඩාවට ශිෂ්‍යයකු ලෙස පැමිණි 19 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන Febrio De-Zoysa හට එදිනම පසුව නිල වශයෙන් චෝදනා එල්ල විය.
බ්‍රහස්පතින්දා පැවති ප්රවෘත්ති සාකච්ඡාවෙන් පසුව, ඔටාවා පොලිස් සේවය විසින් පෙර ලබා දුන් වින්දිතයන්ගේ නම් නිවැරදි කිරීමට වෙනම විද්‍යුත් තැපැල් පහක් නිකුත් කර තිබිණි.
පළමු සටහනේ නම් හයෙන් තුනක දෝෂ අඩංගු වී තිබිණි.
දෙවැනි විද්‍යුත් තැපෑලෙහි නම් තුනක විවිධ දෝෂ අඩංගු විය.
තුන්වැනි විද්‍යුත් තැපැල් පණිවිඩයෙන් නම් දෙකක් සහ වින්දිතයකුගේ වයස නිවැරදි කර තිබිණි.
CBC ප්රවෘත්ති සේවය තවත් දෝෂ සලකුණු කිරීමෙන් පසුව, ඔටාවා පොලිස් සේවය තවත් නිවැරදි කිරීමක් සමඟ පිළිතුරු දුන්නේය.
ඉන්පසුව, සවස 3ට ඔවුන් අවසන් නිවේදනය නිකුත් කර තිබිණි.
CBC ප්රවෘත්ති සේවය වෙත ප්‍රකාශයක් කරමින්, ඔටාවා පොලිස් සේවය විසින් සිය වැරදි පිළිගත්තේය.
බාර්හේවන්හි ඝාතන සම්බන්ධයෙන්, පොලිසිය පැවසුවේ, නම් එකතු කිරීමේදී විශ්වසනීය මූලාශ්‍ර කිහිපයකින් උපදේශන ලද බවත්, ලැබුණු සමහර තොරතුරු වැරදි බව පිළිගන්නා බවත්ය.
කෙසේවෙතත් හැකි ඉක්මනින් ඒවා නිවැරදි කිරීමට පියවර ගත් බව ද ඔටාවා පොලිස් සේවය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart