Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගම්මිරිස්, කහ ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා ආනයනය කිරීමට අවසර දෙන ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.
පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ගැසට් පත්‍රය අවලංගු කර තිබේ.
අනුව, ගම්මිරිස්, සාදික්කා, කහ, ඉඟුරු සහ එනසාල් වැනි ශ්‍රී ලංකාවේ වගා කරන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය කිරීමට අවසර දෙමින් රජය විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි.
කෙසේවෙතත්, පසුගියදා පැවති කැබිනට් රැස්වීමේදී කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මෙම ගැසට් පත්‍රයට විරුද්ධ වී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම ප්‍රතිඅපනයනය සඳහා මෙම කුළුබඩු ආනයනය කිරීමට ඉඩ දීමෙන් දේශීය කුළුබඩු ගොවීන් අධෛර්යමත් වන අතර දේශීය කුළුබඩු නිෂ්පාදන වගාව කඩා වැටීමට ද හේතු වන බව ඇමැතිවරයා එම රැස්වීමේදී පෙන්වා දී ඇත.
දැනට ලොව හොඳම කුළු බඩු සන්නාම අතර ප්‍රථම ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ කුළුබඩුවල ගුණාත්මක භාවයට මෙය ප්‍රබල බලපෑමක් ඇති කරන බවද ඔහු සඳහන් කර තිබේ.
මෙම කරුණු සැළකිල්ලට ගෙන අදාළ ගැසට් පත්‍රය අවලංගු කිරීමට සහ ප්‍රතිඅපනයනය සඳහා මෙරටට කුළුබඩු ආනයනය කිරීම අත්හිටුවීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart