Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ළමා මන්දපෝෂණය සහ අඩු බර ගැහැණු ළමුන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ මෑතක පළ වූ වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති අනතර්ගතය මෙරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ.
එහි අධ්‍යයනයට අනුව, ශ්‍රී ලංකාවේ ගැහැනු ළමුන් 410,000ක් පමණ අඩු බර ලෙස වර්ගීකරණය කර ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 16.4%ක ව්‍යාප්තියක් නියෝජනය කරයි.
පෝෂණය සහ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රවේශය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් උත්සාහයන් සහ වැඩසටහන් තිබියදීත්, 1990 සිට මෙම සංඛ්‍යාලේඛනවල හඳුනාගත හැකි වෙනසක් නොමැති බව වාර්තාව ප්‍රකාශ කර තිබිණි.
1990 සිට 2022 දක්වා දත්ත ආවරණය වන සහ පෙබරවාරි 29 වැනිදා නිකුත් කරන ලද ලැන්සෙට් ප්රකාශනය, වයස අවුරුදු 5 සිට 19 දක්වා වයස්වල ඉතා දරුණු ලෙස අඩු බරැති ගැහැණු ළමුන්ගේ වැඩිම ව්‍යාප්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට පමණක් පිටුපසින් ගෝලීය වශයෙන් දෙවැනි ස්ථානයට පත් කළේය.
විශ්ලේෂණය ඇස්තමේන්තු කර ඇත්තේ 2022 දී වැඩිහිටියන් මිලියන 880කට ආසන්න සංඛ්‍යාවක් සහ ළමුන් මිලියන 159ක් තරබාරුකමෙන් ජීවත් වූ බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව බෝ නොවන රෝග පිළිබඳ අවදානම් සාධක සහයෝගීතා ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයෙන් අවධාරණය කර ඇත්තේ පසුගිය දශක තුන පුරා තත්ත්වය නොවෙනස්ව පවතින බවයි.
තවද, ශ්‍රී ලංකාවේ මෙන් නොව, 1990 සිට වසර 33ක කාලයක් තුළ ඉන්දියාවේ අඩු බරින් යුත් පුද්ගලයන්ගේ ව්‍යාප්තිය අඩු වී ඇති බව පර්යේෂණයෙන් පෙන්වා දී ඇත.
කෙසේවෙතත්, ශ්‍රී ලාංකාවට අදාළව මෙම ගෝලීය වාර්තාව මගින් ගෙන ඇති නිගමන මෙරට සෞඛ්‍ය බලධාරීහු තරයේ ප්‍රතික්ෂේප කරති.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ එම අධ්‍යයනයෙන් සිදුකර ඇති සොයාගැනීම් ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වයට පටහැනි බැවින් ඒවා අනුමත කළ නොහැකි බවයි.
ඒ අතරම, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා කියා සිටියේ ලැන්සෙට් වාර්තාව සකස් කිරීමට යොදාගත් දත්ත පිළිබඳ සෑහීමකට පත් නොවන බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නවතම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව 2023 දී ළමුන් 15,763ක් [1.2%] දරුණු උග්‍ර මන්දපෝෂණය අත්විඳ ඇති අතර 2022 දී එම තත්ත්වය දරුවන් 18,420ක් [1.4%] ලෙස සටහන් වී තිබී ඇත.
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් නිකුත් කරන ලද වාර්තාව ද සෞඛ්‍ය අමාත්‍යංශය මීට පෙර ප්‍රතික්ෂේප කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart