March 11, 2024

තිරුක්කෝවිල් මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලයේ පැවති මැරතන් ධාවන තරඟයකට සහභාගී වෙමින් සිටියදී ඇදවැටීමෙන් අම්පාර ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇති බව වාර්තා වේ.

නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ කොටසක් ලෙස පැවැති මැරතන් තරගය අද (මාර්තු 11) පෙරවරුවේ පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම උත්සවය අතරතුරදී විදුරෂන් නමැති සිසුවා ඇදවැටී ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා තිරුක්කෝවිල් රෝහලට රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරෙයිපත්තුව රෝහලට රැගෙන ගොස් ඇති අතර, පසුව ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

රෝගාතුර වූ සිසුවාට ප්‍රමාණවත් ප්‍රතිකාර ලබානුදුන් බවට චෝදනා කරමින් දෙමාපියන් සහ සෙසු සිසුන් විරෝධතාවයක නිරතවීමත් සමඟ තිරුක්කෝවිල් රෝහලේ නොසන්සුන්තාවක් වර්ධනයවී ඇති අතර, පසුව තත්ත්වය ප්‍රචණ්ඩත්වයට පත්වී පුද්ගලයන් රෝහලට ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබේ.

පසුව විශේෂ කාර්ය බළකායේ (STF) සාමාජිකයන් ඇතුළු පොලිසිය තත්ත්වය සමථයකට පත්කිරීමට මැදිහත්ව ඇත.

විදුරෂන්ගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තිරුක්කෝවිල් පොලිසිය සිදුකරයි.