March 11, 2024

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 43 දෙනකුට අන්තර්ජාතික රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ, හඳුනාගත් සහ අවශ්‍ය කරන අනෙකුත් අපරාධකරුවන්ට එරෙහිව ද රතු නිවේදන ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සරණාගතභාවය පතා සිටින අවශ්‍ය අපරාධකරුවන් මේ වන විට වෙනත් රටවලට පළාගොස් ඇති බව කියනු ලබන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

රතු නිවේදන නිකුත් කිරීමත් සමඟ ඩුබායි වෙත පළාගිය අපරාධකරුවන් ව්‍යාජ හැඳුනුම්පත් යටතේ නව විදේශ ගමන් බලපත්‍ර සාදා, වෙනත් රටවලට පළාගොස් ඇති බව අනාවරණයවී ඇති බව නියෝජ්‍ය පොලිස්පති තල්දූව පවසයි.

කොළඹදී පැවැති ජනමාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

42.31%
17.27%
32.76%