Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩබැලීමට පත්කළ මහේස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට වාසි සහගත වන අන්දමින් කටයුතු කර වෘත්තීය විෂමාචාරයක් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් සෙවීමට අධිකරණ සේවා කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියකුගෙන් මුදල් වැඩිපුර අයකිරීමේ සිද්ධියේ දී වැඩබලන මහේස්ත්‍රාත්වරිය එක් පාර්ශවයකට අගතිදායක වන අන්දමින් කටයුතු කර ඇති හෙයින්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි මෙම සිද්ධියෙන් අගතියට පත් වූ බව කියන සනත් අතුකෝරල නමැත්තකු කළ පැමිණිල්ලකට අනුව අධිකරණ සේවා කොමිසම, මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයිද වාර්තා වේ.
කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියකුගෙන් වැඩියෙන් මුදල් අයකිරීමේ සිද්ධියක් පිළිබඳව ඖෂධ නියාමන අධිකාරිය අදාළ පෞද්ගලික රෝහලට සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව චෝදනා 11 ක් යටතේ පවරා තිබූ නඩුව ජනවාරි 23 වැනිදා කැඳවීමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රත් ලෝවනි අබේවික්‍රම වීරසිංහ නියම කර තිබිය දී, ඊට දින කිහිපයකට පෙර, ජනවාරි 17 වැනිදා නීතීඥ ධනුෂ්ක වීරසිංහගේ මෝසමකට අනුව නඩුව මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් හිමාලි ඒකනායක හමුවේ කැඳවා ඇති බවත් මෙහිදී අනාවරණය විය.
එදින මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රත්වරිය නිවාඩු ලබාගෙන සිටි දිනයක් බවට අධිකරණ සේවා කොමිසමට පැමිණිලි ලැබී ඇති අතර, එදින අදාළ පෞද්ගලික රෝහල වෙනුවෙන් බලයලත් නිලධාරිවරයකු වශයෙන් කැලුම් ගිමේන්තු ජයසූරිය නමැත්තා පෙනී සිටිමින් අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් වරද පිළිගෙන ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
පැමිණිල්ල ඉදිරිපත් කළ ජාතික ඖෂධ නියාමත අධිකාරිය හෝ අගතියට පත් පාර්ශවය හෝ අධිකරණයේ පෙනීනොසිටි අවස්ථාවේ පෞද්ගලික රෝහල වෙනුවෙන් වරද පිළිගත් විත්තිකරුට රුපියල් 25,000 දඩයක් නියම කරමින් වැඩබලන මහේස්ත්‍රාත්වරිය නඩු කටයුතු අවසන් කර ඇතත්, වැඩබලන මහේස්ත්‍රාත්වරිය ඖෂධ නියාමන අධිකාරි පනත අනුව කටයුතු කර නැති බවත්, ඇගේ දඬුවම් නියෝගය සම්පූර්ණයෙන්ම දෝෂ සහගත බවත්,
එදින වැඩබලන මහේස්ත්‍රාත්වරිය වශයෙන් කටයුතු කළ හිමාලි ඒකනායක හා අදාළ පෞද්ගලික රෝහල වෙනුවෙන් මෝසම ඉදිරිපත් කළ නීතිඥ ධනුෂ්ක වීරසිංහ එකම නීතිඥ කණ්ඩායමක සාමාජිකයන් වශයෙන් කටයුතු කරන්නත් බවට ද පැමිණිලි කර ඇත.
ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නොමැති අවස්ථාවක් එනතුරු කල්යල් බලා ඉතාමත් සැලසුම් සහගතව පැමිණිලි පාර්ශවයට හෝ වින්දිත පාර්ශවයට හෝ දැනුම් නොද අධිකරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවභාවිත කරමින් එක් පාර්ශවයකට අගතිදායක වන අන්දමින් වැඩබලන මහේස්ත්‍රාත්වරිය කටයුතු කර ඇති බවට සනත් අතුකෝරලගේ පැමිණිල්ලේ සඳහත් බව වැඩිදුරටත් වාර්තා වේ.
මාළිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රත්වරිය නිවාඩු ගත් අවස්ථාවේ දී වැඩබලන මහේස්ත්‍රාත්වරිය වශයෙන් කටයුතු කරමින් එක් පාර්ශවයකට වාසිසහගත වන අන්දමින් සහ තවත් පාර්ශවයකට අවාසි සහගත වන අන්දමින් කටයුතු කර වෘත්තීය විෂමාචාරයක් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා අධිකරණ සේවා කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart