Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත මේ වන විට පිරිනමා ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ හැටන් නැෂනල් බැංකු මූලස්ථාන පරිශ්‍රයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
මෙරට පැරණිතම පෞද්ගලික වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ 135 වැනි සංවත්සරය සැමරුමේ මුල්දින කවරය එළිදැක්වීම වෙනුවෙන් එම උත්සවය සංවිධාන කර තිබිණි.
එහි දී අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර පැවසුවේ පුද්ගලයකුට තම රුව සහිත මුද්දරයක් මුද්‍රණය කර ගැනීමට මේ වනවිට හැකියාව ඇති බවයි.
“ඒ සඳහා දැන් අපි අය කරන්නේ රු. 2,000යි. මුද්දර 20ක ෂීට් එකක් අපි දෙනවා. තමන්ගේ උපන් දිනයට, තමන්ගේ යාළුවාගේ උපන්දිනයට, තමන්ගේ දුවගේ පුතාගේ විවාහ ඇරයුම්පත යවන්න ඒ දෙන්නාගේ පිංතූරය තියෙන මුද්දරයක් ඇතුව යවන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් තැපැල් මුද්දරයක් විදියට භාවිත කරන්න පුළුවන්” යනුවෙන් ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart