March 6, 2024

ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලානය යටතේ පන්දු 90ක තරග ලෙස සවිධාන කෙරෙන නව තරඟාවලියේ පළමු තරඟය ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන හර්බජන් සිං සහ යුවරාජ් සිං අතර ගැටුමක් බවට පත්වනු ඇති බවට මත පළ වී තිබේ.

තරඟාවලියේ ආරම්භක තරඟය ලෙස එම තරගය මාර්තු 8 වැනිදා මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ඩැන් ක්‍රිස්ටියන්, ඉසුරු උදාන, ජෙරොම් ටේලර්, රිකාඩෝ පවෙල්, චාමර කපුගෙදර, රාහුල් ශර්මා සහ ළහිරු තිරිමාන්නගෙන් සමන්විත නිව්යෝර්ක් සුපර්ස්ටාර් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නායකයා ලෙස හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං නායකත්වය දෙනු ඇත.

අනෙක් අතට හර්බජන් සිංගේ නායකත්වයෙන් යුත් ඩුබායි ජයන්ට්ස් කණ්ඩායමට ෂෝන් මාෂ්, රිචඩ් ලෙවි, තිසර පෙරේරා, ෆිදෙල් එඩ්වර්ඩ්ස් සහ බෙන් ලාෆ්ලින් වැනි ක්‍රීඩකයන් ඇතුළත් වේ.

දෙපිලම සමබරව පෙනෙන අතර තරඟාවලියේ උද්යෝගිමත් ආරම්භක දිනයේ දී දක්ෂතා රැසක් දැකගැනීමට හැකිවනු ඇත.

තරගාවලියට පෙර නිව්යෝර්ක් සුපර්ස්ටාර් ස්ට්‍රයිකර්ස් සහ ඩුබායි ජයන්ට්ස් අතර පැවැත්වෙන ආරම්භක ගැටුම පිළිබඳ අදහස් දක්වමින් ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලානයේ අධ්‍යක්ෂ ෂවේන් ෂර්මා පැවසුවේ මෙම නව ආකෘතියෙන් වඩා උද්යෝගිමත් ආරම්භක තරඟයක් ලැබෙනු ඇති බවයි.

හර්බජාන් සහ යුවරාජ් යන දෙදෙනාම කලාපය පුරා ආදරය දිනා සිටින අතර ඔවුන්ට ශ්‍රී ලංකාව තුළද රසිකයන් සිටී.

එම නිසා පළමු තරගයට සංවිධායකයන් විශාල ප්‍රේක්ෂක සහභාගිත්වයක් බලාපොරොත්තුවෙන් සිටියි.

මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පන්දුවාර 90 තරඟ සඳහා කණ්ඩායම්වලට පන්දු යවන්නන් 5 දෙනෙකු යොදවනු ඇති අතර, එක් අයකුට ඕවර තුන බැගින් ලබා දෙනු ඇත.

60 වැනි පන්දුවේදී පන්දුවාර 4ක් යැවීමට එක් පන්දු යවන්නකු තෝරා ගැනීම ප්‍රබෝධය තවත් වැඩි කරන සහ දෙපිලටම උපාය මාර්ගික පෙරළියක් ලබා දෙනු ඇත.

පවර් ප්ලේ නීති සමඟ තීව්‍රතාව වැඩි වනු ඇති අතර උපාය මාර්ගික කාල සීමා ලබාදීම උපාය මාර්ගික සැලසුම් සඳහා අවකාශය සපයනු ඇත.

ලෙජන්ඩ් ක්‍රිකට් කුසලානය පසුගියදා එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස MagicWinSports වෙත සම්බන්ධ විය.

එය තරඟාවලිය ශක්තිමත් කිරීමට සහ වඩාත් ජනප්‍රිය කිරීමට හේතු වනු ඇත.

ලෙජන්ඩ් ක්‍රිකට් කුසලානයේ පළමු වාරය ඕවර 20 ආකෘතියෙන් ක්‍රීඩා කරන ලද අතර එය පසුගිය වසරේ මාර්තු 22 සිට 30 දක්වා ඉන්දියාවේ ගාසියාබාද්හිදී පැවැත්විණි.

අවසන් මහා තරගය වැස්සට සේදී යෑමෙන් පසුව සමාරම්භක වාරයේ ඒකාබද්ධ ජයග්‍රාහකයන් ලෙස Indore Knights සහ Guwahati Avengers නම් කරන ලදී.