March 4, 2024

දකුණු කොරියාවේ කෘෂිකාර්මික අංශයේ රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි.

කොරියානු කෘෂිකාර්මික අංශයේ රැකියා සදහා වන වීසා බලපත්‍ර ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් ගෙනයන අසත්‍ය ප්‍රචාරයන්ට හසුවී ඔවුන්ට මුදල් ලබානොදෙන ලෙසටත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

කෘෂිකාර්මික රැකියා සම්බන්ධයෙන් දකුණු කොරියාවේ පාර්ශවයන් රැසක් සමඟ සාකච්ඡා කළද තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් ගිවිසුමකට එළැඹ නොමැති බවත්, මෙම තත්ත්වය හමුවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයන් යොමුකිරීම ප්‍රමාද වී ඇති බවත් අමාත්‍යාංශය පවසයි.

දකුණු කොරියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා කඩිනමින් උදාකරදීමට හැකි සෑම උත්සහයක්ම දරන බවද, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන වෙත රැකියා ඇණවුම් ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ආයතන සමඟ පමණක් සම්බන්ධ වන ලෙසද, අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

42.31%
17.27%
32.76%