Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ නවදිල්ලි ජාතික නූතන කලාගාරය සංවිධාන කළ ‘රාමායණම් චිත්‍රකාව්‍ය’ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී තිබේ.
නවදිල්ලි ජාතික නූතන කලාගාරයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ආරාධනයෙන් එරට විදේශ කටයුතු සහ සංස්කෘතික රාජ්‍ය ඇමැති මීනක්ෂි ලේඛී සමඟ ඔහු මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වී තිබුණේ මාර්තු 1 වැනිදායි.
උත්සවය අමතමින් ඇමැති තොණ්ඩමන් ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද රාමායණය පොහොසත් සංස්කෘතික කලා නිර්මාණ සඳහා දායක වී ඇති බවයි.
විවිධ සාහිත්‍ය අංග, නැටුම්, රංග කලාව සහ කලාව යන විවිධ ස්වරූපවලට අනුවර්තනය වී පොදු කතා වස්තුවක් ලෙස දෙරට අතර සබඳතා අවබෝධ කර ගැනීම සහ ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සලසමින්හ වුල් සංස්කෘතික දැනුම් සම්භාරයකට එය දායක වී ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ, රාමායණයේ කලාත්මක නිරූපණ සහ අර්ථකථන බොහෝ විට සංස්කෘතික හා ආගමික සංචාරයන් සඳහා උනන්දුවක් දක්වන ස්ථාන සහ උත්සව සමඟ සම්බන්ධ වී ඇති බවයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමාගේ මැතිවරණ බල ප්‍රදේශය රාමායණයට සම්බන්ධ යැයි ප්‍රකාශ කෙරෙන, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටේම අමුත්තන් ආකර්ෂණය කර ගැනීමට ඉවහල්වන ස්ථාන කිහිපයක් සමඟ සම්බන්ධ වී ඇති බව ඇමැති තොණ්ඩමන් එහිදී ආඩම්බරයෙන් පෙන්වා දී ඇත.
ඒ අනුව, රාමායණ මාවත සහ බෞද්ධ වන්දනා චාරිකාව හරහා දෙරට අතර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමට ඇති දැවැන්ත අවස්ථා පිළිබඳ ඔහු අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ මෙන්ම රාමායණ වීර කාව්‍යයේ රාවණා රජුට ආරෝපණය කළ බුද්ධිමය හා ඉංජිනේරුමය දක්ෂතා ගැන ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart