Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෛද්‍ය සේවා ලබාගැනීම සඳහා රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ වෛද්‍ය සැපයුම් අංශය විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ලබා ගන්නා ඖෂධ සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 8කට ආසන්න ප්‍රමාණයකින් සැළකිව යුතු ලෙස ඉහළගොස් ඇති බව වැඩිදුරටත් දැනගන්නට ඇත.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක අනාවරණ කර ඇත්තේ, පසුගිය වසරේ පියල් බිලියන 82 ක් වූ මෙම ප්‍රතිපාදන මේ වර්ෂය සඳහා බිලියන 90ක් වී ඇති බවයි.
හෙතෙම පෙන්වාදී ඇත්තේ, වැඩිවී ඇති නිශ්චිත සංරචක සඳහන් කළ නොහැකි නමුත් ඇත්ත වශයෙන්ම සැළකිව යුතු වියදම් ඉහළ යෑමක් තිබෙන බවයි.
රජයේ රෝහල්වලට ඇතුළත්වීම් වැඩිවන සංඛ්‍යාවේ දැවෙන ප්රශ්නය පිළිබඳ සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත සඳහන් කර ඇත්තේ, විශේෂයෙන්ම මූල්‍යමය බාධාවන් හේතුවෙන් වැඩි පිරිසක් රාජ්‍ය සෞඛ්‍ය සේවය වෙත යොමුවීමත් සමඟ, වැඩිවන රෝගීන්ගේ බරට සරිලන පරිදි පවතින යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බවයි.
“දැන් මිනිසුන්ට පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න බැහැ,” යනුවෙන් මැදිවත්ත අවධාරණය කර ඇත්තේ, මහජනතාව මුහුණ දෙන ආර්ථික අභියෝග ඉස්මතු කරමිනි.
රෝගීන් සංඛ්‍යාව හදිසියේ වැඩිවීම සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට පීඩනයක් ඇති කරමින් පවතින්නේ, රාජ්‍ය අංශයේ රෝහල් තුළ මානව සම්පත් අධික ලෙස භාවිත කිරීමට හේතුවීම නිසායි.
රජයේ රෝහල්වල යටිතල පහසුකම් සහ මානව සම්පත් පිළිබඳ පුළුල් ඇගයීමක් සිදු කරන ලෙස එස්.බී.මැදිවත්ත රජයෙන් ඉල්ලා සිටියේය.
ඔහු ප්‍රකාශ කළේ, මෙම අභියෝගවලට මුහුණ දෙමින් මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය මත යැපෙන වැඩිවන රෝගීන් සංඛ්‍යාවට සෞඛ්‍ය සේවා ඵලදායි ලෙස සැපයීම සහතික කිරීම ඉතා වැදගත් බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart