Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාත්තන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සහරාන්ගේ මස්සිනා ඇතුළු සැකකරුවන් අපරාධ හෝ රාජ්‍ය විරෝධී ක්‍රියා සිදුකිරීමට සැලසුම් කර නොමැති බව මෙතෙක් සිදුකළ පරීක්ෂණවල නිගමනය වී ඇති බව පොලිසිය කියයි.
කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකරන ලද ස්ථානයකට රැස්ව සිටි පුද්ගලයින් 30 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් පසුගිය මාර්තු 01 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් නීතිවිරෝධී රැස්වීමක් සඳහා එක්රැස් වී කිසියම් අපරාධයක් හෝ රාජ්‍ය විරෝධී ක්‍රියාවක් කිරීමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරක් මතයි.
අත්අඩංගුවට ගැනීමත් සමඟ සැකකරුවන් පවසා ඇත්තේ, තමන් හුදෙක් එම ස්ථානයේ කාඩ් සෙල්ලම් කළ බවයි.
කාත්තන්කුඩි සහ මඩකලපුව කොට්ඨාස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය පැවසුවේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අවුරුදු 24ත් 48ත් අතර වයස්වල පසුවන අතර ඔවුන් කාත්තන්කුඩි සහ මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම්ගේ මස්සිනා සහ ඔහුගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් දෙදෙනාද වෙයි.
සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අනුව, මෙම රැස්වීම සාපරාධී හෝ රාජ්‍ය විරෝධී අරමුණු සඳහා සිදුකළ බවට අඟවන කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බව පොලිසිය පැවසීය.
ඒ අනුව සැකකරුවන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇපමත මුදාහැර තිබේ.
මාර්තු 6 වැනිදා නැවත අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස ද ඔවුන්ට උපදෙස් ලබාදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart