42.31%
17.27%
32.76%
March 1, 2024

ගාසා නගරයට නිරිත දෙසින් ආහාර ආධාර බලාපොරොත්තුවෙන් සිටි සිය ගණනකට ඊශ්‍රායල හමුදා වෙඩි තැබීමෙන් පලස්තීනුවන් 100 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ඊට අමතරව තවත් 700 ක් පමණ තුවාල ලබා ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.

ප්‍රහාරයට කළවු මෙම ප්‍රදේශය පෙර නොවූ විරූ සාගින්න අර්බුදයකට මුහුණ දී සිටින බව ‘අල්ජසීරා’ වාර්තා කරයි.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 104 දෙනෙකු මිය ගොස් 750 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

පලස්තීන විදේශ කටයුතු අමාත්‍යාංශය එය සීතල ලේ වැගිරෙන ‘සමූල ඝාතනයක්’ බව කියමින් හෙළාදැක තිබේ.

42.31%
17.27%
32.76%