Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සක්‍රිය රාජකාරියේ යෙදෙමින් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධකම් පවත්වන ත්‍රිවිධ හමුදා භටයන් සහ සෙසු නිලධාරීන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව දැඩි අවධානය යොමුකර තිබේ.
ඉකුත් සති කිහිපය තුළ සිදුකරන ලද වෙඩිතැබීම් සඳහා යුද්ධ හමුදාවේ සක්‍රිය රාජකාරියේ නිරත සෙබළුන් සම්බන්ධවීමත් එම වෙඩිතැබීමේ සිද්ධීන්වලට යතුරුපැදිකරුවන් සහ ආධාර අනුබල දෙන්නවුන් ලෙස විශ්‍රාමික සහ හමුදාවලින් පැනගිය පුද්ගලයන් සම්බන්ධවීමත් මත මෙම අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, නිවාඩු ලබා කඳවුරෙන් පිටව යන නිලධාරීන්, කෙටි විවේක ලබා ගන්නා නිලධාරීන් මෙම පිරිස් පදිංචි ප්‍රදේශ සහ මොවුන් යම් යම් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳකම් පැවැත්වීමේ හැකියාව යන්න සොයා බලන ලෙසත්, ඔවුන් ගැන විශේෂ අවධානයෙන් සිටින ලෙසත්, එම කඳවුරු බාර නිලධාරීන්ට මේ වනවිටත් දැනුම් දී ඇතැයි කියති.
සංවිධානාත්මක අපරාධකරුවන් ඉලක්කයට වෙඩි තැබිය හැකි හමුදා පුද්ගලයන් සිය අපරාධ සඳහා යොදාගැනීමට උත්සාහ කරන බැවින් ආර්ථිකමය වශයෙන් ගැටලු ඇති පුද්ගලයන් සහ මෙවන් පාතාල ක්‍රියාකාරකම්වලට කැමැත්ත දක්වන අය ඔවුන්ගේ අරමුණු සඳහා යොදාගන්නා බව පොලිසිය කියයි.
මේ අනුව, හමුදාවේ සක්‍රිය රාජකාරියේ නිරත අය, ගිනි අවි පුහුණුව ලද අය, විශ්‍රාමික අය සහ පළා ගිය පුද්ගලයන් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඉලක්කය වී ඇතැයි කියන ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙවන් පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව කියන අතර, ලක්ෂ දෙකකට ආසන්න හමුදා පිරිසක් රාජකාරි කරන යුද්ධ හමුදාවේ මෙවන් ක්‍රියාවල යෙදී ඇත්තේ කිහිපදෙනකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart