February 29, 2024

අවි­ස්සා­වේල්ලේ පාතාල භීෂ­ණය පතු­රු­ව­මින් මත්කුඩු බෙදා­හැ­රීමේ ජාවා­රම මෙහෙ­ය­ව­මින් පාතාල අප­රා­ධ­වල නිර­තව සිටින ප්‍රබල පාතාල අප­රා­ධ­ක­රු­වකු වන මන්නා රමේෂ්, ඔහුගේ බිරිය සමඟ සාජා පොලි­සි­යට දින තුන­කට පෙර හසුවී ඇතැයි මෙරට ආර­ක්ෂක අංශ වෙත ඊයේ (28) වන විට තොර­තුරු ලැබී තිබිණි.

මෝටර් රථ­ය­කින් සාජා සිට ඩුබායි බලා මන්නා රමේෂ් සිය බිරිය සමඟ ගමන් කර­මින් සිටි­යදී සාජා පොලි­සිය එම රථය නතර කරන ලෙස සංඥා කළ අව­ස්ථා­වේදී, පොලිසිය මගහැර යන්නට ගොස් මෙලෙස පොලි­සි­යට හසුවී ඇති බව එර­ටින් ලැබෙන තොර­තු­රු­වල සඳ­හන්ය. සාජා පොලි­සිය මන්නා රමේෂ් පද­වා­ගෙන යමින් සිටි මෝටර් රථය නතර කර ඇත්තේ ඒ තුළ මත්ද්‍රව්‍ය ප්‍රවා­හ­නය කරන බවට ලද තොර­තු­ර­කට අනු­වය. එම තොර­තුර මන්නා රමේෂ් එරට පොලි­සි­යට කොටු­කර දීම සඳහා තවත් පාතා­ල­යේම අප­රා­ධ­ක­රු­වකු විසින් ලබා­දුන් ව්‍යාජ තොර­තු­රක් බව සඳ­හන්ය. ඒ මන්නා රමේෂ්ට අන්තර්ජාතික පොලි­සිය මඟින් රතු නිවේ­ද­න­යක් ඇති බැවින් එරට පොලි­සිය විසින් ඔහුව පරීක්ෂා කරන විට ඔහු රතු වරෙ­න්තු­ක­රු­වකු බව හෙළි­වන බැවිනි.

මන්නා රමේෂ්ට එරෙ­හිව මිනිස් ඝාතන හා ඝාතන තැත්කිරීම් 10කට වැඩි සංඛ්‍යාවක් ඇති බව පොලිස් වාර්තා සඳ­හන් කරයි. ත්‍රිරෝද රථ­යක නැඟී මළ ගෙද­රක යමින් සිටි තරු­ණ­යන් සිව්දෙ­න­කුට පසු­ගිය වසරේ සැත්තැ­ම්බර් 20 වැනිදා රාත්‍රි­යේදී තල්දූ­වේදී වෙඩිතබා තිදෙ­නකු ඝාත­නය කරනු ලැබුවේ ද මන්නා රමේෂ් ඩුබායි සිට සිය ගෝල­බා­ල­යන්ව මෙහෙ­ය­ව­මිනි.

එම ඝාතන සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පැවැත්වූ අවි­ස්සා­වේල්ල මූල­ස්ථාන පොලි­සියේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට ද මන්නා රමේෂ් ඩුබායි සිට තර්ජ­නය කර තිබුණේ දරු­වන්ට හානි කරන බව කිය­මිනි. අවි­ස්සා­වේල්ලේ පාතාල භීෂ­ණ­යක් පතු­රු­වා­ගෙන සිටි මෙම අප­රා­ධ­කරු මෙර­ටට ගෙන්වා ගැනී­මට ඇති හැකි­යාව සාජා පොලි­සිය සමඟ සම්බන්ධ වෙමින් අවශ්‍ය පිය­වර ගන්නා බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය. අන්තර්ජාතික පොලි­සිය මඟින්ද මෙම අත්අ­ඩං­ගු­වට ගැනී­මට අදාළ තොර­තුරු විමසා ඇති බවද එම නිල­ධා­රියා කීය. මෙයට දින කිහි­ප­ය­කට පෙර ඩුබා­යිහි රාත්‍රී සමාජ ශාලා­වක ඇති­වුණු යම් සිදු­වී­මක් මුල්ක­ර­ගෙන ඌර­ගහ මයි­කල් නමැති පාතා­ලයේ ප්‍රබල අප­රා­ධ­කරු ඇතුළු පිරිස ඩුබායි පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි. ඒ අය සම්බ­න්ධ­යෙන් ගන්නා ඉදිරි ක්‍රියා­මාර්ග මෙතෙක් ඩුබායි පොලි­සිය අන්තර්ජාතික පොලි­සිය මඟින් මෙරට දැනු­වත් කර නැත.(දිනමිණ)

42.31%
17.27%
32.76%