Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මව මිය ගියා හේතුවෙන් දැඩි සොවින් පසුවූ ඇගේ පුත්‍රයාද, මව මිය ගොස් පැය කිහිපයකට පසු හදිසි හෘදයාබාධයකින් මියයෑමේ සිද්ධියක් ඉඳුරුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඉඳුරුව අකාඩේගොඩ ගල්දරමුල්ලේ පදිංචිව සිටි මැටිල්ඩා පරණමාන්න නැමැති 71 හැවිරිදි සත් දරු මව සහ ලක්සිරි කොට්ටහච්චි නැමැති 47 හැවිරිදි පුත්‍රයාය. ඔහු එක්දරු පියෙකි.
මව සමග ඉතා ආදරයෙන් සිටි මෙම පුත්‍රයා ඉකුත්දා සිය මව අසනීපට නිවෙසේදීම මියයෑමෙන් බෙහෙවින් කම්පනයට හා ශෝකයට පත්වී සිටි බව පවුලේ සාමාජිකයෝ පවසති.
මවගේ දේහය නිවෙසට ගෙන ඒමෙන් පසු පුතා රාත්‍රී ආහාර ගනිමින් සිටින විට පපුවේ හටගත් වේදනාවකින් පසු ඔහු ගෝනගල රෝහලට ගෙනයන විටත් මිය ගොස් සිටි බව ද ඔවුහු ප්‍රකාශ කර ඇත.
බලපිටිය රෝහලේදී හදිසි පරීක්ෂණය පැවැත් වූ ඌරගස්මන්හන්දිය හදිසි මරණ පරීක්ෂක ඒ.ඩබ්ලිව්.එච්. ජයරත්න පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෙය හෘදයා බාධයකින් සිදු වූ හදිසි මරණයක් බව තීරණය කර තිබේ.
මෙම මව හා පුතු දෙදෙනා එකිනෙකාට පුදුම ළෙන්ගතුකමකින් හා සෙනෙහසකින් පසු වූ බව මියගිය මවගේ මුණුපුරකු වන තිමන්ත ලක්යාන් පවසයි.
මවගේ සහ පුතුගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පෙරේදා (24) සවස ඇටවලවත්ත පොදු සුසාන භූමියේදී සිදු කර ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart