February 25, 2024

සනීපාරක්ෂක පහසුකම් අවමවීම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් කටුනායක ගුවන්තෙල් අංශයේ සේවකයන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

කැඩුණු බිත්ති සහිත උළුවහු දොරවල් නොමැති වැසිකිළි, වැසිකිළියට යෑමට ආරක්ෂා සහිත පිවිසුමක් නොමැති වීම මෙම ගැටලු අතර ප්‍රධාන වී තිබේ.

ඉතාමත් අපිරිසිදු දුඟඳ හමන නළ පද්ධතිය සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් වන මට්ටමේ ඇති බව ද වාර්තා වේ.

රාත්‍රී සේවයේදී ඌරුමීයන්, මඳුරුවන් ගහන වූ අංගනය තුළ ඉතාමත් අනාරක්ෂිත ලෙස සේවකයන් සේවයේ යොදවනු ලැබ ඇති බව ද දැනගන්නට තිබේ.

සේවකයන්ට ආහාර ගැනීමට සහ විවේක ගැනීමට අවම මට්ටමින් හෝ පහසුකම් නොමැති අතර ආහාර ගැනීමට සහ තේ සෑදීමට ඇති මේසය විශාල ලෙස දූවිලිවලින් පිරීගිය ආලින්දයේ තබා ඇති ආකාරය එහි යන ඕනෑම අයකුට දැකගත හැකිය.

අවදානම් සහිත විදුලි රැහැන් තැන තැන විසිරී ඇති බව ද අප වෙත වාර්තා විය.

වාර්තාවන පරිදි ඉන්ධන භාවිත කරන ආයතනයක් ලෙස මෙම ස්ථානය සතුව කිසිම ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැත.

රාත්‍රි සේවා මුරයේදී විදුලි පහන් ආලෝකය නොමැතිව සේවකයන්ට අංගනය තුළ වාහන සහ උපකරණ හැසිරවීමට සිදුව ඇති බව ද වාර්තා වේ.

ඉතාමත් වගකීමක් සහිත ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය ගුණාත්මකව අවසන් කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සේවකයන්ට නොමැති බවත් ඉන්වොයිස් සැප්ගත කිරීමට ඇත්තේ එක් පැරැණි පරිගණකයක් පමණක් බවත් දැනගන්නට තිබේ.

 

42.31%
17.27%
32.76%