February 25, 2024

කළමනාකරණ සහ සම්පත් පිළිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මෙරට කළ සංචාරයේදී ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආරක්‍ෂක සහ සමුද්‍රීය සහයෝගීතාව ගැඹුරු කිරීමේ අවස්ථා ගවේෂණය කර තිබේ.

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සහ වඩාත් ස්ථාවර ඉන්දු පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ හැකියාවන් ශක්තිමත් කිරීම ද ඊට ඇතුළත් බව කොළඹ පිහිටි එක්සත් ජනපද කාර්යාලය පැවසීය.

එක්සත් ජනපදය සතුව තිබී ශ්‍රී ලංකාවට ලබාදුන් තුන්වැනි වෙරළාරක්ෂක නෞකාව වුයේ විජයබාහු නෞකාවයි.

නියෝජ්‍ය ලේකම් වර්මා පසුගිය 23 වැනිදා පැවසුවේ, ශ්‍රී ලංකාවට සිව්වැනි යාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් වන  අභිප්‍රාය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එරට කොන්ග්‍රසයට දන්වා ඇති බවයි.

මෙම වැඩසටහන් වෙනුවන් රාජ්‍ය දෙපාර්තුමේන්තුව ඩොලර් මිලියන 9ක් වෙන්කර ඇත.

ඔහු සඳහන් කළේ මෙම වැඩසටහන සම්පූර්ණ කළහොත් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

මෙම නෞකාව ශ්‍රී ලංකාව සතු සුවිශේෂී ආර්ථික කලාපයේ මුර සංචාරයේ යෙදීමට, එහි සෙවීම් සහ ගලවා ගැනීමේ ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට සහ ඉන්දියන් සාගරයේ කාර්යබහුල මුහුදු මංතීරු හරහා ගමන් කරන සියලුම විදේශ නැව් සඳහා අමතර ආරක්ෂාවක් සැපයීමට යෙදෙවෙනු ඇත.

කොළඹ වරායේ පැවති උත්සවයේදී ශ්‍රී ලංකා ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග් ප්‍රකාශ කළේ, අමෙරිකාව මීට පෙර යාත්‍රා තුනක් පිරිනමා ඇති බවයි.

මිනිස් ජාවාරම් සහ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සමුද්‍රීය මෙහෙයුම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් සඳහා දායකවන ශ්‍රී ලංකා නාවික හමුදාවේ මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර ප්‍රයත්නයන්ට සහාය වීමට සිව්වැනි යාත්‍රාවක් ලබාදීම නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සංරක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සහයෝගීතාවයේ තවත් එක් කරුණක් වනු ඇති බව ද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

නියෝජ්‍ය ලේකම් වර්මා කොළඹ වරායේ ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තය වන බටහිර බහාලුම් පර්යන්තය ස්ථානයේ ද සංචාරය කළේය.

එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් ඩොලර් මිලියන 553ක මූල්‍ය ආධාර ඇතිව Colombo West International Terminal Private Limited විසින් දැනට ඉදිකරමින් පවතින බටහිර බහාලුම් පර්යන්තය, දකුණු ආසියානු කලාපය සඳහා තීරණාත්මක යටිතල පහසුකම් සපයනු ඇත.

මෙම නව කොටස 2021 සිට ධාරිතාවට ආසන්නව ක්‍රියාත්මක වන කොළඹ වරායේ ගැඹුරුම පර්යන්තය වනු ඇති අතර එමගින් කොළඹ නැව් ධාරිතාව ඉහළ නැංවීම, ප්‍රධාන මාර්ග සහ වෙළඳපොළ සම්බන්ධ කරන ප්‍රිමියර් ලොජිස්ටික් මධ්‍යස්ථානයක් ලෙස වරායේ කාර්යභාරය පුළුල් කිරීම, එහි ස්වෛරීභාවයට හානි නොවී ශ්‍රී ලංකාවේ සමෘද්ධිය ඉහළ නැංවීම අරමුණු කර තිබේ.

42.31%
17.27%
32.76%