February 24, 2024

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව‍) සාමාජික මන්ත්‍රී ලේඛනයට එම කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ නම ද ඇතුළත් වීම විශේෂත්වයකි.

නවවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය රංජිත් බණ්ඩාරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ විමර්ශනවල දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්වවලින් පසුගිය කාලයේ දී බරපතළ චෝදනා එල්ල විය.

පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ලැබුවේ, ඔහු එම තනතුරින් ඉවත් කිරීමට බවට ද දේශපාලන ලෝකයේ මුල් කාලයේ කතා බහක් පැවැතිණ.

මේ අතර, පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා 24ක් සඳහා සාමාජික මන්ත්‍රීවරු සිකුරාදා (23) පත්කරනු ලැබීය.

42.31%
17.27%
32.76%