February 22, 2024

රටේ ජනතාවට අපහාස කළ විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයාට එරෙහිව වහාම පියවර ගෙන, ඔහුගේ වැඩ තහනම් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදුකරන ලද්දේ රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත කරන ලද ප්‍රකාශයකට විරෝධය පළකරමිනි.

ලංවිම මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පවසන ලද්දේ අවශ්‍ය නම් කුප්පි ලාම්පුවක් භාවිතයෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට හැකි විය යුතු බවයි.

දරුවකුට ඉගෙනීමට විදුලිය අවශ්‍ය වන්නේ මන්දැයි එහිදී ප්‍රශ්න කළ ඔහු, සිය දරුවන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් පරිදි මුදල් උපයා දීමට නොහැකි වීම මාපියන්ගේ වරදක් බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ප්‍රකාශයට බරපතල ලෙස විරෝධය පළකළ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

42.31%
17.27%
32.76%