February 20, 2024

චීනය ආර්ථික අවපාතයකට ලක්ව ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.

වැටුප් ලැබිය යුතු බොහෝ කම්කරුවන්ට ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතීන් අහිමි වී ඇති බවද දැක්වේ.

ඒ අනුව, අයිතිවාසිකම් උල්ලංඝනය වීම හේතුවෙන් විවිධ පිරිස් විරෝධතාවලට සම්බන්ධ වී තිබේ.

– කර්මාන්තශාලා සහ වෙළඳසැල් සැලකිය යුතු ප්‍රමාණයක් වසා දැමීම
– වැටුප් වැඩි නොකිරීම
– මිල ගණන් වාර්ෂිකව ඉහළ යෑම
– ව්‍යාපාර බංකොලොත් වීම
– වයෝවෘද්ධ පුද්ගලයන්ට වසර පුරා ආදායමක් නොමැති වීම යන කරුණු මෙම ආර්ථික අවපාතයට හේතු වී තිබේ.

එසේම, ෂැංහයි නගරයට ගනුදෙනුකරුවන් නොපැමිණීම නිසා වසර 72ක් පැරණි සාප්පු සංකීර්ණයක් ද වසා දැමීමට සිදු වූ බව දැක්වේ.