February 21, 2024

පසුගිය සඳුදා ගිගුරුම් සහිත කුණාටුවක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් අසලදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් සිව්දෙනකු රෝහල්ගත කර තිබේ.

සිඩ්නි උද්භිද උද්‍යානයට ඇතුල්වන ස්ථානයේ ගසක් යට සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනකුට සහ කාන්තාවන් දෙදෙනකුට මෙසේ අකුණු සැර වැදී තිබේ.

සිඩ්නි නගරය පැවැති අධික වර්ෂාව හේතුවෙන් විශාල විදුලිය ඇනහිටීම්ද සිදුව තිබේ.

අකුණු සැර වැදීමෙන් තුවාල ලැබූවන් පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, හෘද රෝග ලක්ෂණ ඇති බවත්, “කෙටි සිහිය නැතිවීමක්” ඇති බවත්, නිව් සවුත් වේල්ස් ගිලන්රථ සේවයේ ඩොමිනික් වොං පවසා තිබිණි.

එක් පිරිමි පුද්ගලයකු සහ අවුරුදු 20ක කාන්තාවක් රාජකීය ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහලට ද, අවුරුදු 30ක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක් ශාන්ත වින්සන්ට් රෝහලට ගෙන ගොස් ඇති අතර, ඔවුන් සිව් දෙනාම ස්ථාවර තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.

එමෙන්ම රාජ්‍ය හදිසි සේවා සහ කාලගුණ විද්‍යා කාර්යාංශය (BoM) ද හදිසි ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

බලපෑමට ලක්විය හැකි ස්ථාන වලට Newcastle, Scone, Armidale, Inverell, Bundarra සහ Quirindi ඇතුළත් වේ.

මේ අතර, NSW SES සහකාර කොමසාරිස් Sean Kearns විසින් ගංවතුරේ රිය පැදවීමට එරෙහිව මගීන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

“දැනට අධික වර්ෂාපතනයක් සඳහා උපදෙස් අනතුරු ඇඟවීම් අප සතුව තියෙනවා. එය හදිසි ගංවතුර අවදානමක් ගෙන එනවා. භූමියේ හදිසි සේවා නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත්, ගංවතුර හරහා ධාවනය නොකිරීමටත් මම මහජනතාවට කියනවා.

හැකි නම් ගමන ප්‍රමාද කිරීමට හෝ විකල්ප මාර්ග භාවිත කරන ලෙස සිඩ්නි දුම්රිය මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.”

අකුණු සැර වැදීමකින් සිදුරක් ඇතිවීම නිසා ගුවන් තොටුපළේ ප්‍රධාන ධාවන පථය විනාඩි 20ක් වසා දැමීමෙන් පසු අවම වශයෙන් සිඩ්නිහි පිටත්වීම් 30ක් අවලංගු කර ඇති බව වාර්තා වේ.